බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරය “බෝම්බයක්“ කර ඇති අයුරු හෙළි වෙයි..

ප්‍රමිතිය අනතුරු දායක ලෙස බාල කරලා... පාරිභෝගික සේවා අධිකාරිය ඇමතියට හා ප්‍රමිති කාර්යාංශයට ලියයි..

by editor
අගෝස්තු 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • අනතුරු දායක ලෙස ප්‍රමිතිය බාල කළ ගෑස් ස සමාගම් දෙකම ගැන පාරිභෝගික අධිකාරියෙන් ඇමතිට පැමිණිලි – ඩේලි මිරර් හෙළි කරයි…

පසුගිය අප්‍රියෙල් මාසයෙන් පසුව මෙරට වෙළෙඳපොලේ ඇති ගෘහස්ත එල්පී ගෑස් දෙවර්ගයේම කාර්යක්ෂමතාව අඩු වන ආකාරයෙන් සහ නිවාස තුළ භාවිතය අනතුරුදායක බව වැඩි වන ආකාරයට එහි බියුටේන් සහ ප්‍රොපේන් ප්‍රතිශත වෙනස් කර ඇති බවත් ගෑස් සමාගම් වැඩි ලාබ ඉපයීමේ අරමුණින් සිදු කරන ලද මෙම පියවරෙන් මෙරට පාරිභෝගික ජනතාවගේ ජීවිත සහ දේපළ දැඩි අනතුරුදායක තත්ත්වයකට හෙළා ඇති බවත් අනාවරණය වේ.

මේ පිළිබඳව විස්තරාත්මක ගවේෂණාත්මක පුවත් වාර්තාවක් පළ කරන අද ඩේලි මිරර් පුවත් පත අනාවරණය කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේද අනුමැතියකින් තොරව  සිදු කරන ඇති මෙම වෙනස වහාම නිවැරදි කිරීමට අදාල නෛතික සංශෝධන ලබා ගත යුතු බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේද අවධානය යොමු ව  ඇති බවය.

බියුටේන් සහ ප්‍රොපේන් යනු ද්‍රව පෙට්‍රෝලියම් වායු දෙආකාරයකි. මෙහි සංයුතිය සහ තාපාංකය වෙනස් වන අතර එහි පැවතියේ ඝර්ම කලාපීය රටක එල් පී වායු පැවතිය යුතු ප්‍රමාණයේ ප්‍රතිශතයකිනි.   මේ අනුව පසුගිය අප්‍රියෙල් මාසය වන තෙක් මෙරට අලෙවි වන ගෘහස්ත එල්.පී ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් අනුපාතිය තිබී ඇත්තේ 20 / 80 ලෙසය.

මෙම අනුපාතය ශ්‍රි ලංකාව වැනි ඝර්ම කලාපීය රටකදී වැඩි කාලයක් භාවිත කළ හැකි වන තර එහි බලශක්ති කාර්යක්ෂමතාවද ඉහළ බව විශේෂඥයන් ඩේලි මිරර්පුවත් පකට කරුණු අනාවරණය කරමින් සඳහන් කර තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එසේ වුවද කාර්යක්ෂමතාව අඩු කිරීමේ සහ එයින් වැඩි ලබා ගැනීමේ අරමුණින්  ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකම එහි ගෑස් අනුපාතයන් වෙනස් කර ඇත්තේ පෝපේන් /බියුටේන් ප්‍රතිශතය සියයට 50/ 50 අනුපාතයෙනි.

සාමාන්‍යෙයන් ප්‍රොපේන් අනුපාතය වැඩි ගෑස් භාවිත කරන්නේ කර්මාන්ත කටයුතුවලට සහ ගෘහස්ත නොවන කටයුතුවලට වුවද ඝර්ම කලාපීය රටවල ගෘහස්ත ගෑස් සඳහා එම අනුපාතය වැඩි ගෑස් භාවිත නොකරන්නේ එහි අනතුරු බව නිසා බව සැලකේ.

කෙසේ වුවද මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇති පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන   එල්.පී ගෑස්වල සංයුතිය සම්බන්ධ ප්‍රමිතීන් මහජනතාවට ආරක්ෂාකාරී ලෙස සකස් කිරීමේ වගකීම ඇත්තේ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයට බවත් මේ සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය නීති රෙගුලාසි කළ යුතු  බවත් පවසා ඇත්තේ මෙම නව සංයුතියෙන් ගෑස් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වය පිළිබඳව සඳහන් කරමිනි.

ඩේලි මිර් පුවත්පතේ නිර්මලා කන්නන්ගර ලේඛිකාව තම ගවේෂණාත්මක පුවත් අනාවරණයෙන් පෙන්වා දී ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබිඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන තම විෂය භාර අමාත්‍යවරයා වන පාරිභෝගික ආරක්ෂණ, සමූපකාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට පසුගිය ජූලි මස 27 වැනිදා දාතමින් ඊ මේල් පනිවිඩයයක් මගින් සඳහන් කර ඇත්තේ පාරිභෝගික කටයුතු  අධිකාරිය ජාත්‍යන්තරව පිළිගත් රසායානාගාරයක් වන Intertek- Caleb Brett වෙතින්  ලිට්රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩරවල ගෑස් සාම්පල දෙක බැගින්  පරීක්ෂා කිරිමේදී මේ සියල්ලේම ප්‍රොපේන් බියුටෙන් ප්‍රතිශතය සියයට 50 / 50 මට්ටමේ පැවැති බවය.

මේ තත්ත්වය පිළිබඳව වහාම අවධානය යොමු කරවන ලෙසත් රජයේම සමාගමක් වන ලිට්රෝ  තම ව්‍යාපාරයේ නියාමකයා වන පාරිභෝගික අධිකාරිය ද රැවටීමට උත්සාහ දරන බවත් පෙන්වා  දී ඇත. මේ සම්බන්ධයෙන් අදාල විශේෂඥයන්ගේ විශ්ව විද්‍යාලවල නිර්දේශ මත ගෘහස්ත ගෑස්වල ආරක්ෂාකාරී බව සහ එහි කාරයක්ෂමතාව පිළිබඳව සලකමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරන ලෙස ද ඔහු ඉල්ලා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාන්තාවක් විසඥ කර නිරුවත් ඡායාරූප ගෙන බිය ගන්වා ප්‍රචාරක කටයුතුවල යොදාගත් කපුවා දැලේ..

Next Post

බිස්නස් එකට යළි බහින්න අමුද්‍රව්‍ය සපයන වැඩකට COSMI සමඟ LIRIDI මුලපුරයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.