අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

බිස්නස් එකට යළි බහින්න අමුද්‍රව්‍ය සපයන වැඩකට COSMI සමඟ LIRIDI මුලපුරයි

by Lanka Sara Editor
අගෝස්තු 25, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හේතුවෙන් අර්බුදයට ලක් වූ ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට සහ ජීවනෝපාය මාර්ගයක් ලෙස කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයන්ට යළිත් තම ව්‍යාපාරවලට යොමු කරවීමේ Back to Business (ව්‍යාපාර පුනර්ජීව) වැඩ සටහන යටතේ එම ව්‍යවසායකන්ට සහන පදනමක් මත අමුද්‍රව්‍ය සැපයීමේ වැඩපිළිවෙළක් ක්ෂුද්‍ර , කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්මේලනය (COSMI) ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් කුඩා සහ සුළු පරිමාණ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන දාමය තුළ අවශ්‍ය වන අමුද්‍රව්‍ය ණය සහන පදනමක් මත ලබා ගෙන අදාළ නිෂ්පාදන සිදු කොට අලෙවි කළ පසුව අමුද්‍රව්‍යවල මිල ගෙවීමට පහසුකම සැලසෙනු ඇත.
“දැන් ගන්න – පසුව ගෙවන්න“ (Buy Now Pay later) සංකල්පය යටතේ ක්‍රියාත්මක ව මෙම වැඩ සටහනට COSMI සමඟ අත්වැල් බැඳ ගත්තේ අමුද්‍රව්‍ය සඳහා ණය ලබා දීමේ පුරෝගාමී කාර්යයක් කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන ලිරිදි ලංකා (LIRIDI Lanka) ආයතනයයි. මෙම අමුද්‍රව්‍ය සැපයුම් අවබෝධතා ගිවිසුම පසුගියදා දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගන්නා ලද අතර ණය ක්‍රමය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

එම අවබෝධතා ගිවිසුමට අනුව මෙම ප්‍රතිලාභය ක්ෂ්‍රදු කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්මේලනයේ සාමාජිකත්වය දරන වානිජ මණ්ඩල සහ ව්‍යාපාර සංවිධනවල සාමාජිකත්වය දරන ව්‍යවසායකයන්ට ලබා ගත හැකි වන අතර එයින් මෙරට කොවිඩ් වසංගත අභියෝහ හමුවේ තම ව්‍යාපාර බිඳ වැටී ඇති ක්ෂුදු සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් දහස් ගණනකට යළි ව්‍යාපාරවලට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙයි.

මෙම අවබෝධතා ගිවිසුමට ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය වෙනුවෙන් එහි පාලක මණ්ඩලයේ සභාපති දේශබන්දු මැකී හෂීම්, එම සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති නවාස් රාජබ්ඩීන්, යන මහත්වරුන් අත්සන් තැබූ අතර ලිර්දි ලංකා සමාගම වෙනුවෙන් එහි නිර්මාතෘ කිරිල් මලූකා මහතාත් ශ්‍රි ලංකා කලමනාකාර මුදිත හෙට්ටිගම මහතාත් අත්සන් තැබූහ.
මෙම ආයතනය කුඩා ව්‍යවසායකයන්ට තම කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් මාර්ගයෙන් කිසිදු ඇපකරයකින් තොරව ලබා ගත හැකි වන අතර අදාළ කර්මාන්තකරුවා අදාළ නිෂ්පාදන අලෙවියෙන් පසුව එම මුදල ලිර්දි ආයතනය සාපෙක්ෂව ඉතා සුළු පොලී අනුපාතිකයක් මත ගෙවිය යුතුය. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභය ලබන්නේ මිලියන 1.5ක් පමණ වන තම ජීවනෝපා මාර්ගය ලෙස කුඩා මට්ටමේ ව්‍යවසාය සිදු කරන ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යවසායකයන් බව COSMI ආයතනය පවසයි. ඔවුන් බොහෝමයක් ස්වයං රැකියාකරුවන් වන අතර ව්‍යාපාරයේ සේවකයන් වන්නේද ඔවුන්මයි. බොහෝ විට මෙම ඝනයට අයත් වන්නේ ව්‍යාපාරයේ සේවකයන් පහකට අඩු ව පවත්වාගෙකන යන ව්‍යාපාරිකයන්ය.

ජීවනෝපාය ලෙසින් ඉතා කුඩා ව්‍යාපාර කරගෙන යන ව්‍යවසායකයන්ට නවමු අත්දැකීමක් වෙන මෙම දැන් ගන්න- පසුව ගෙවන්න (Buy Now – Pay later) තේමාව යටතේ ලබා දෙන මෙම සුවිශේෂී සහනය පිළිබඳව අදහස් දැක්වූ මෙරට ප්‍රකට ව්‍යාපාර නායකයකු මෙන්ම ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සමමේලනයේ සභාපති නවාස් රාජබ්දීන් මහතා මෙරට බැංකු පද්ධතිය හරහා හෝ වෙනත් පහසුකම් මත ප්‍රතිලාබ නොලබන කුඩා මට්ටමේ ව්‍යවසායකයන්ට මේ මොහොතේ යළි තම ව්‍යාපාරයට අවතීර්ණ වීමට පවතින ප්‍රධානතම ගැටලුව ඔවුන්ගේ බිඳ වැටී ගිය ආර්ථික පසුබිම හමුවේ අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම බවත් මෙම ප්‍රශ්නයට තම සම්මේලනයට ලිරිදි ලංකා ආයතනය සමඟ එක්ව සාර්ථක විසඳුමක් ලබා දිමට මෙයින් හැකිවූ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ මොහොතේ රටම පමණක් නොව මුළු ලොක්යේම ආර්ථිකය පවතින්නේ අභියෝගාත්මක මට්ටමක. එවැනි තත්වයක් හමුවේ ලොකුම පහරක් වදින පිරිසක් වන්නේ එදිනෙදා ජීවනෝපාය ලෙසින් තමන්ගේම කර්මාන්තයක් කරගෙන සිටින ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යවසායකයන්ට.ශ්‍රි ලංකාවේ එවැනි කුඩා ව්‍යාපාරවලින් සියයට 70ක් පමණ මේ මොහොතේ පවතින්නේ අසාධ්‍යව එසේ නැතිනම් මිය යාමට ආසන්නව. රජයකට වුණත් ඔවුන් වෙනුවෙන් තනිවම සහන, පහසුකම් සැලසීම අසීරු දෙයක්. අනෙක පසුගිය වසරේදි කොවිඩ් වසංගතය හේතුවෙන් ව්‍යාපාර අකර්මණ්‍ය වූ ව්‍යවසායකයන්ට රුපියල් බිලියන 60ක පමණ සහනයක් ලබා දීමට රජය කටයුතු කළත් මෙම සහනය බොහෝ විට ලැබුණේ බැංකු පද්ධතිය හරහායි. එම ප්‍රතිලාභය බැංකු සුරැකුම් , ඇපකර තැබිය හැකි වැඩිම ව්‍යසනයකට ලක් වූ සංචාරක, හෝටල්, වැනි ක්ෂේත්‍රවල ව්‍යවසායකයන්ට සහනයක් වුණත් එවැනි වත්කම් නොමැති කුඩා පරිමාණයට මෙම සහනය ප්‍රායෝගිකව සාර්ථක විසඳුමක් වුණේ නෑ. නමුත් ඔවුන්ට මේ මොහොතේ පවතින මූලික ප්‍රශ්නයකට විසඳුමක් ලබා දී ඔවුන් යළි ආර්ථික ක්‍රියාවලියට දායකත්වයක් දෙන මට්ටමට පත් කිරීම රජයටත් රටටත් සහනයක්. ඒ අරමුණින් තමයි අප මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළේ. මම විශ්වාස කරන ආකාරයට මූලික අදියරේදීම අපට මෙම වැඩසටහනින් විශාල පිරිසකට සහනයක් ලබා දිය හැකියි. ඔවුන්ගේ ව්‍යාපාර යළි පණ ගැන්විය හැකියි. “ යනුවෙන් පැවසීය.

මෙහිදී ලිරිදි ලංකා ආයතනයේ නිර්මාතෘ කිරිල් මලූකා මහතා ද අදහස් දක්වමින් පවසා සිටියේ දැන් ව්‍යාපාරය කර දැන් ගන්න – පසුව ගෙවන්න (Buy Now, Pay Later) සංකල්පය තම ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලබා දෙන ආයතනයේ නිර්මාණශීලී කණ්ඩායම විසින් රටවල් ගණනාවක සාරථකව ක්‍රියාත්මක වෙමින් පවතින සංකල්පයක් ශ්‍රි ලංකාවට හඳුන්වා දීමට කටයුතු කළ බවය. එම රටවල ලැබූ සාර්ථක අත්දැකීම් මත එය ශ්‍රි ලංකාවටද හඳුන්වා දීමට කටයුතු කළ බව ඔහු තවදුරටත් පැවසීය.

“විශේෂයෙන් කුඩා සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයන්ට තිරසාර ලෙස තම ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඔවුන්ගේ ජීවන මට්ටම ගුණාත්මක අතින් ඉහළට ඒම එහි අරමුණයි. එවැනි අරමුණකින් ක්‍රියාත්මක යන ලරිදි ආයතනයේ නිර්මාතෘවරයා ලෙස කොස්මි ආයතනය සමඟ අත්වැල් බැඳගෙන මෙවැනි නව වැඩපිළිවෙළක් දියත් කිරීමට ලැබීම තමන් ලද විශිෂ්ඨ අවස්ථාවක් බව ඔහු සඳහන් කරයි. මලුකා මහතා පවසන්නේ ඉදිරි වසර 4ත් 5ත් තුළ මෙරට කුඩා පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂ ගණනකට අවස්ථා සලසා දිමට තම ආයතනය සූදානමින් සිටින බවයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ කොස්මි පාලක මණ්ඩලයේ සභාපති මැකි හෂීම් මහතාද සඳහන් කළේ අතේ මුදල් නොමැතිව ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට නොහැකිව අසරණව සිටින කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ට මෙය විශාල අවසථාවක් බවයි. ඔවුන්ට අමුද්‍රව්‍ය ණය සහන ලබා ගෙන නිෂ්පාදන අලෙවි කිරීමෙන් පසුව සති දෙකක් තුළ ජංගම දුරකථන ඇප් එකක් හරහා යළි එම මුදල් පියවීමේ හැකියාව පවතින අතර කිසිදු ඇපකරයකට ඔවුන්ට යටත් නොවීම සහ අධික පොලියක් ගෙවන්නට නොමැති වීම විශාල සහනයක් යයි සඳහන් කළේය.

මෙහිදී COSMI උප සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් මෙම නව්‍ය අත්වැල් බැඳ ගැනීමෙන් මෙරට කුඩා පරිමාණ ව්‍යවසායකන්ට සෘජුවම තම ව්‍යාපාරය ආරම්භ කිරීමෙට මෙතෙක් නොවූ විරු අවස්ථාවක් පෑදෙන බවය.
ආයතන ද්විත්වය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට COSMI උපදේශකයකු ලෙස කටයුතු කරන සමන්ත අබේවික්‍රම මහතා, එහි ප්‍රධාන විධායක නිලූ රාජපක්ෂ මහත්මිය සහ ලිර්දි ලංකා සමාගමේ ශ්‍රි ලංකා කළමනාකාර මුදිත හෙට්ටිගම මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෘහස්ථ ගෑස් සිලින්ඩරය “බෝම්බයක්“ කර ඇති අයුරු හෙළි වෙයි..

Next Post

සතුන්ගේ පණු රෝගවලට දෙන ඖෂධයක් කොවිඩ්වලටත් දිව ඔසුවක් වන ලකුණු…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.