බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැරඬිඇල්ල අනතුරට හේතුව හොයන්න මෝටර් රථ කොමසාරිස් පත් කළ කමිටුව කොත්මලේට…

by editor
මැයි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි 23 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු වූ ලංගම බස් රථය සම්බන්ධයෙන් සොයා බැලීමට මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පත් කල කමිටුවේ නිළධාරින් අද (15) දින කොත්මලේ පොලිසිය වෙත පැමිණ අනතුරට පත් බස් රථය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහතාර කොමසාරිස් (තාක්ෂණ) අරුණ බැසිලේගමගේ නායකත්වයෙන් යුත් මෙම කමිටුවට ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ප්‍රභාත් රාජදේව, නුවරඑලිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර ඇතුලු නිළධාරින් 06 දෙනෙකු සහභාගි වී ඇත.

කතරගම ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිළධාරින්ගේද සහයෝගය ඇතිව අනතුරට පත් බස් රථය පණ ගන්වා බස් රථයේ තිරිංග පද්ධතිය රෝද සහ අනෙකුත් අමතර කොටස් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර මෙම විධිමත් පරික්ෂණය සිදු කරනු ලැබු තිබේ.

නුවරඑලිය කොට්ටාසභාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ද සිල්වා, නුවරඑලිය කොට්ටාසභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ, කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති ඇතුලු කාර්යමණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) විසින් අනතුරට පත් බස් රථය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වනු ලැබ ඇත.

අනතුරට පත් බස් රථය සම්බන්ධයෙන් සිදු කළ විධිමත් පරික්ෂණයෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහතාර කොමසාරිස් (තාක්ෂණ) අරුණ බැසිලේගම කියා සිටියේ බස් රථ අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් නුවරඑලිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා විසින් සිදු කිරිමෙන් පසු ඒ පිලිබඳව විධිමත් පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා තමන් වෙත වගකීම් පැවරූ වගය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එන්ජින් එක පණ ගැන්වෙයි…

ඒ අනුව අනතුර සම්බන්ධයෙන් විධිමත්ව සිදු කළ පරික්ෂණ වාර්තාව ඉදිරියෙදි නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයටත්, මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයාටත්, පොලිසියටත් ලබා දෙන බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) අරුණ බැසිලේගම කියා සිටියේය.

මෙම අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කල නුවරඑලිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා බස් රථයේ රියදුරාට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවට නිගමනය කර තිබුණි.

එම පරික්ෂණ කණ්ඩායම බස් රථ අනතුර සිදු වූ ස්ථානයේද නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 10කට වැඩිය වියදම් කර මහ කුඩ්ඩෙක් වනාතමුල්ලේ දී දවස් තුනක් පැවැත්වූ මෙගා දන්සලක් ගැන විමර්ශකයින්ගේ අවධානයට…

Next Post

වැලිකඩ පොලිසිය ඝාතනය කළ රාජ්කුමාරිගේ ඛේදවාචකය ගැන යළි සිහි කිරීමක්….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.