සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ගැබිනි මවකට 07 හැවිරිදි දියණියකට මරු කැඳවා 05ක් මරණය අසලට ගෙන ගිය ගාල්ල දුම්රිය අනතුරේ ඇසින් දුටු සාක්ෂියක්…

by editor
ජූලි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“දුම්රිය අනතුරු ඇඟවිමේ සංඥාව නාද වුනා.  කාර්රථය හෙමින් ඉදිරියට ආවා. මම කැගහලා කීවා කොච්චිය එනවා දාන්න එපා එපා කියලා. කාර් රථයේ විදුරු වහනගෙන ආවේ. දුම්රිය මාර්ගය මැදම කාර් රථය නතර වුනා. දුම්රිය කාර් රථයේ ගැටීමත් සමග කාර්රථයේ සිටි අය උඩින් විසිවෙලා  එලියට වැටුනා. පොඩිදරුවන් දෙදෙනෙකු  හිටියා. ගැබනි මවක් හිටියා. ලොරි රථයකින් තුවාලකරුවන් කරාපිටිය රෝහලට අපි එකතුවෙලා රැගෙන ගියා“

ගාල්ල  මකුළුව ගංගාරාම  දුම්රිය හරස් මාර්ගයේ  අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි  කාර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමේ දි මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ ගැටිමෙන්  කාර් රථයේ ගමන්ගත්  හත් හැවිරිදි දැරියක්  සහ ගැබිනි මවක් මියගොස්  පස් දෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ  රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිබඳ ඇසින් දුටුවෙක් කීවේ එසේය.

 අද (18) පෙරවරු 10.20ට පමණ මෙම අනතුරවි ඇත. 

මියගොස් ඇත්තේ  කේ.එල්.එස්  ෂාඩිලා හංසි  නැමති ගැබනි මවක් හා එල් යු දිසානායක (07) නැමති දැරියකි. ගැබනිමව නො 376 පුබුදුඋයන, කිරිවත්තුඩුව හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනික් තුවාලකරුවන් මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ  වෙති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කාර්රථයේ  පවුල්කිහිපයක ඥාතින් 07 දෙනෙකු ගමන්කොට  ඇත. ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගිවිම සඳහා කාර්රථයෙන් ගමන්කරමින් සිට ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වි ඇත. 

කාර්රථය ගාල්ල දෙස සිට මකුළුව දෙසට ගමන්කරමින් සිට ඇත. මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවිමේ විදුලි සංඥා දැල්වෙමින් තිබියදි කාර්රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කොට ඇත. ඒ සමග කාර් රථය දුම්රිය හරස් මාර්ගය මැද  නතරවි  දුම්රියේ ගැටි ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

 තුවාල ලබා ඇත්තේ  පිරිමි පුද්ගලයින් තිදෙනෙකු  එක් කාන්තාවක් හා කුඩා දරුවෙකි. තුවාලකරුවන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මියගිය දැරිය තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.  

ගාල්ල  වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර මහතාගේ මෙහෙයවිම යටතේ මෙම අනතුර පිළිබද පරික්ෂණ පැවැත්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“එලවන්න කලින් පලයං රනිල්…“ අන්තරේ උද්ඝෝෂණ හෙට ඇරඹෙයි…

Next Post

කුරුඳුමලේ පුදබිම ජාතිවාදී සැණකෙළි බිමක් කළ පුරාවිද්‍යා ගොබ්බයෝ….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.