අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කුරුඳුමලේ පුදබිම ජාතිවාදී සැණකෙළි බිමක් කළ පුරාවිද්‍යා ගොබ්බයෝ….

by editor
ජූලි 18, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් තන්නිමුරුප්පු කුරුදුමලේ විහාරස්ථානය පිළිබදව මේ දිනවල විශාල කතිකාවක් ඇති වී තිබේ. ඒ මුලතිව් අධිකරණය මගින් එම විහාරස්ථානයේ අලුතින් ඉදි කළ ඉදිකිරීම් කීපයක් ඉවත් කර ගන්නා ලෙස කළ නියෝගයත් සමගය.

අධිකරණ නියෝගය පනවා ඇත්තේ කුරුදුමලේ බෞද්ධ විහාරස්ථානයටම පමණක් නොවේ.  ඒ අසලම පිහිටි ආදී ශිව අයියනාර් කෝවිලේ මෑත කාලීන ඉදිකිරීම් ඉවත් කරන ලෙසටද නියෝග පනවා තිබේ.

මුලතිව් අධිකරණය එවැනි නියෝගයක් පනවන ලද්දේ මුල්ම වතාවට නොවේ. කුරුදුමලේ විහාරය හා ඊට ආසන්නයේ ඇති ආදී ශිව අයියනාර් කෝවිලටද එරෙහිව මුලතිව් අධිකරණයේ පමණක් නඩු හයක් දමා තිබේ. වවුනියාව මහාධිකරණයේද නඩු තුනකි.

මේ සියලුම නඩු වලින් ඉල්ලා ඇත්තේ අයිතිය ඉතා මැනවින් ප්‍රකාශයට පත් කරන ලෙසයි.

කුරුඳුමලේ ඉතිහාසය –

කුරුඳුමලේ බෞද්ධ විහාරය කුරුන්දාවශෝක විහාරය වශයෙන් ඉතා ප්‍රචලිත බවත් එහි සීහලට්ඨ කතා ලියවුණු බවත්  ඓතිහාසික සාධක සනාථ කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අට්ඨ කතා වල ”කුරුන්දක” නම් වූ ගම්මානයක් ගැන නිතර සඳහන් වෙයි. කුරුඳුගමු රට යනුවෙන්  කඩඉම් පොත්වල  යම්  ප්‍රදේශයක් ගැන සඳහන්ය. පදීරට  කුරුදු රටට ඉතා සමීපව පිහිටි  ගම් ප්‍රදේශයක් බව  පූජාවලියේ හා නිකාය සංග්‍රහයේ සඳහන් වෙයි. මේ නිසා කුරුඳුගමු රට  කුරුදු රට හා කුරුන්දක යන  නාමයන්ගෙන් හඳුන්වන්නේ එකම ප්‍රදේශයක් බව පැහැදිලිය.

කි.ව.571 සහ 604 අතර කාලයේදී  පලවෙනි  අග්බෝ රජු විසින්  කුරුන්ද නම් විහාරයක් කළ බව ඉතිහාසයේ සඳහන් වන අතර  පලවන විජයබාහු රජු වීසින්  ක්‍රි.ව. 1055 හා 1110 අතර කාලයේදී කුරුන්ද විහාරය  සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තිබේ.

මේ අතරවාරයේ ඛල්ලාටනාග රජු විසින්  කි.ව. 100 -103 අතර කාලයේදී කුරුන්දවාශෝක  විහාරය තනා ඇත. ඛල්ලාටනාග රජු විසින් කරවන ලද විහාරය කුරුන්දවාශෝක විහාරය වශයෙන්ද  කුරුන්දපාසක විහාරය  නමින්ද මහාවංසයේ සදහන් වෙයි.

පුරාණ කුරුඳුමලේ විහාරයේ ආරාමික නටබුන්….

බෞද්ධ සිද්ධස්ථානයක්..

මේ කාරණා දෙස බලන විට මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවට පිළිගනීමට අවශ්‍ය ඓතිහාසික මෙන්ම පුරවිද්‍යා සාධක තිබේ.

නමුත් මේ ස්ථානය යුද්ධයත් සමගම හුදෙකලාවීමත් සමගම හින්දු බැතිමත්හු  එම ස්ථානයට පැමිණ කෝවිලක් තනා ගත්හ. ඊට ඇත්තේ උපරිම දශක  තුනක අතීතයකි.  ඔවුන් ඊට වසර කීපයක්ම වන්දනාමාන කොට පොංගල් උත්ස්වයන්ද පවත්වන ලදී.

අධිකරණ ක්‍රියාමාර්ගයේ අතීතය –  

යුද්ධය හමාර වීමෙන් පසුව පුරා විද්‍යා නිලධාරීන්  වන සංරක්ෂණ නිලධාරීන්  ගොස් පරීක්ෂණ අරඹා කෝවිල එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කළහ. මීට එරෙහිව උතුරේ උද්ඝෝෂණ පැවැත්වීම පමණක් නොව මුලතිව් අධිකරණයට ගොස් නඩු පැවරීමටද කටයුතු කළහ.

එම නඩු විභාග කල අවස්ථාවේදී එවකට මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ ලෙනින් කුමාර් විනිසුරුවරයා නිලධාරීන්ට කියා සිටියේ කුරුදුමලේ විහාරස්ථානය සම්බන්ධයෙන් අයිතිය තහවුරු කෙරෙන පුරා විද්‍යා ආඥා පනත අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසයි. එවකට සිටි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාද මුලතිව් අධිකරණයට පැමිණ සාක්ෂි ලබා දී පුරා විද්‍යා ආඥා පනත අධිකරණයට ඉදිරිපත් කරන  ලද නමුත් පැමිණිලි පාර්ශ්වයේ බලවත් ඉල්ලීම මත එහි දෙමළ භාෂා පිටපතක් ඉදිරිපත් කරණ ලෙස නියෝගයන් ලැබුණි.

පුරාවිද්‍යා ගවේෂණ… සෙල් ලිපි සාධක හමුවීම

අධිකරණයේ නියෝගයන් ක්‍රියාත්මක කිරීමට පෙර දකුණේ  සිට මුලතිව් කුරුදුමලේ විහාරයට ගිය බොහෝ පිරිස් එහි නානාවිධ ඉදි කිරීම් සිදු කලහ. පුරා විද්‍යා කාර්යාලයක් පිහිටුවීමට  නිලධාරීන් එහි ගිය අවස්ථාවේදි භික්ෂූන් වහන්සේ පිරිසක් බුදු පිළිමයක් රිය පෙරහැරකින් වඩම්මවාගෙන ගොස් එහි තැන්පත් කිරීමට උත්සහ කළේය. ඒ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් හා ප්‍රදේශවසීන් පැමිණ ඊට විරෝධය පල කොට සිටියහ. අවසානයේදී බුදු මැදුරක තැන්පත් කිරීමට රැගෙන ගිය බුදු පිළිමය පොලීසියේ තැබීමට සිදුවිය.

ඒ අතරවාරයේ අමාත්‍යවරු හා තවත් පිරිස් කොළඹ සිට කුරුදුමලේ විහාරයට ගොස් විවිධ දේ ඉදි කිරීමට පටන් ගැනීම නිසා යළිත් වරක් මුලතිව් ප්‍රදේශයේ දේශපාලනඥයින් හා ප්‍රදේශවාසීන් මුලතිව් අධිකරණයටත් වවුනියාව මහාධිකරණයටත් ගොස් නඩු පවරූහ. මේ නඩු විභාග කෙරෙන  අතරවාරයේදී අධිකරණ මගින් අතුරු තහනම් නියෝග නිකුත් කරමින් සඳහන් කළේ කවර ආගමකට අයත් කවර පාර්ශ්වක් විසින් හෝ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු කිසිදු නව ඉදිකිරීමක් නොකරන ලෙසයි.

ගැටලුව මතුවීම –

මුලතිව්  කුරුදුමලේ විහාරයේ අලුතින් ඉදි කරන ලද චෛත්‍යයේ සර්වඥ ධාතු තන්පත් කිරීමේ උත්සවයක් සංවිධානය වූයේ මේ මෑතකදීය. එනම් ජූනි මාසයේදීය. ඊට සම්බන්ධ වීමට ගිය පිරිස් යළිත් වරක් කබොක් ගලෙන් නෙලන ලද බුදු පිළිමයක් රැගෙන ගොස් එහි තැන්පත් කිරීමටද උත්සහ කළහ. මේ අව්ස්ථාවේ කලබල වු පිරිස  එම ස්ථානයේ විරෝධතාවයක් සංවිධානය කොට ඉන් නොනැවතී මුලතිව් අධිකරණයේ අංක ඒ/ආර්/ 673/18   දරණ නඩුව ගොණු කොට වහාම එම ක්‍රියාදාමයන් නවතන ලෙසට ඉල්ලා සිටියහ.

මේ නඩුව විභාග වන විට මුලතිව් අධිකරණයේ සිටි පෙර විනිසුරුවරයා වෙනත් පළාතකට  ස්ථාන මාරු වී ගොස් නව  විනිසුරුවරයා වශයෙන් ආර්.ස්වර්ණරාජා   කටයුතු කරමින් සිටියේය.

කළින්  අධිකරණ නියෝග වලට අනුව කවර හෝ පාර්ශ්වයක් අලුතින් ඉදිකිරීම් නොකරන ලෙසට ලබා දී තිබූ නියෝගය කඩ කොට ඉදිකිරීම් රැසක් කොට ඇති නිසා ආගම් දෙකටම අයත් එම ඉදිකිරීම් වහාම ඉවත් කොට ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස විනිසුරුවරයා මුලතිව් පොලීසියට නියෝග කළේය.

පුරාවිද්‍යා කටයුතුවල ආරම්භක අවස්ථාව…

අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ලබා දී ඇති දිනය ජූලි මස 29 වෙනිදාය. නමුත් මේ දක්වා කිසිදු ඉදි කිරීමක් ඉවත් කිරීමට කවරෙක් හෝ පියවර ගෙන නොමැත. මුලතිව් අධිකරණ නියෝගය  බල රහිත කරන ලෙස ඉල්ලා පිරිසක් වවුනියාව මහධිකරණයට ගොස් තිබේ. එහිද මේ ස්ථානයන් පිළිබඳව තවත් නඩු කීපයක්ම විභාග වන නිසා බොහෝ විට මුලතිව් අධිකරණ නියෝගය බල රහිත විය හැකිය.

ඉතිහාසය සම්බන්ධව  සාධනීය කරුණු ඇත. පුරාවිද්‍යා ආඥා පනතක් තිබේ. ඒ තත්ත්වය තුළ හිමිකම අධිකරණය ඉදිරියේ තහවුරු කරගැනීම බරපතල ගැටලුවක් වූයේ නැත. එහෙත් අධිකරණ නියෝග නොතකා  දෙපාර්ශවයම  මේ භූමියේ   ඉදිකළ ඉදිකිරිම් තුළ දේශපාලන ප්‍රතිරූප ප්‍රවර්ධනයක් තිබිණි.   අශිෂ්ට දෙමළ ජාතිවාදීන්ට පිළිතුරු දිය යුතු නෛතික ක්‍රමවේදය පුරාවිද්‍යාව විසින් නොසලකා හැර තිබිණි.

ඔවුන් පුරාවිද්‍යා සාධක මත භූමිය පුරාවිද්‍යා උරුමයක් බව සහතික කරගෙන ඇත. එහෙත්  හිමිකම පිළිබඳ නඩුවක් ගොනුවී ඇති විට ඊට නෛතික ක්‍රමවේදය තුළ මුහුණ දී  කුරුදුමලේ විහාරය හෙවත් කුරුන්දාවශෝක විහාරයේ අයිතිය සම්බන්ධයෙන් හා එහි නෛතිකභාවය සම්බන්ධයෙන් යම්  තීරණයක්   අධිකරණයෙන් ලබා  ගැනීමට අවශ්‍ය සංයමය  තිබිය යුතුය.

මේ මුග්ධ ගැටලුව මේ තරම් දුරදිග ගෙන ගියේ දෙමළ ජාතිවාදී  ම්ලේච්ඡයන් නොවේ. ස්වකීය වෘත්තීය භාවය පජාත කළ දේශපාලන රූකඩයක් වූ    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සහ ඔහුගේ උද්ච්ඡ ගෝල බාලයන්ය.

දාගැබේ ධාතු නිධානෝත්සව අවස්ථාව..

දැන්  මේ ආගම් දෙකටම කුරුදුමලේ විහාරස්ථානයෙන් ඉඩම් ලබා දී තිබේ. සීමා මායිම් වෙනස් කොට තිබේ. දැන් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික අයිතීන් හා උරුමයන් තහවුරු කර    කුරුදුමලේ විහාරය ගැන තීරණයක් ගැනීමය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉන්නේ ඒ පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කරවීමටය.  විද්වත් වෘත්තීය භාවය අවලෙමේ යවා  ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන බැලයෙක් ලෙස එම පුටුවේ ඉඳගත්  ඔහුට ඒ සඳහා පෞරුෂයක් නැතිනම් එය ජාතියේ අවාසනාවය.

මේ පරිසරය තුළ  “කුරුඳුමලේ අපරාධය “  ගැන කොළඹ සිට දේශානුරාගයෙන් ඔද වැඩී යන  ඔබට කියන්නට ඇත්තේ මුලතිව් විනිසුරුතුමාට තිත්ත කතා කියමින් ‍ උතුරේ දෙමළ ජාතිවාදින්ට බැටේ දෙන්නට  කලින්  බේරා ගන්නට ප්‍රශ්නයක් ඇතිනම් ඒ ඇත්තේ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලැග සිටිනා ගොබ්බයන් සමග බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ගැබිනි මවකට 07 හැවිරිදි දියණියකට මරු කැඳවා 05ක් මරණය අසලට ගෙන ගිය ගාල්ල දුම්රිය අනතුරේ ඇසින් දුටු සාක්ෂියක්…

Next Post

කඩා වැටුණු ලංකාවෙන්  ලෝකයටම පාඩමක් කියා දෙන අයි.එම්.එෆ්  ලොක්කෝ!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.