අධික ණය බරින් පෙළෙන රටවලට ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම අත්විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ගියොගිවි විසින් අනතුරු ඇඟවීමක් කර ඇත.
ඇය ජී 20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මධ්‍යම බැංකු ප්‍රධානීන්ගේ හමුවේ විශේෂ දේශනයක් කරමින් මේබව අනාවරණය කර තිබේ.
මේවන විට යුක්‍රේනයේ ඇතිව තිබෙන යුධ ගැටුම් හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ සහ ආහාර වල මිල ගණන් ඉහළ ගොස් ඇති බවද ගෝලීය මුල්‍ය තත්ත්වය දැඩි අභියෝගාත්මක අවධියකට පැමිණ ඇති බවද කළමානාකාර අධ්‍යක්ෂවරිය විසින් පෙන්වා දී ඇත.
එහිදී කොරෝනා වසංගය හේතුවෙන් අඩපණ වූ සැපයුම් දාමයෙන් ඇති වූ ආර්ථික අභියෝගයද තිව්‍ර කිරීමටද හේතුවී ඇති බවද ඇය විසින් සඳහන් කර තිබේ.
”යුක්‍රේන ගැටුම් වල ප්‍රතිඵලයක් වශයෙන් මේ මස අගදී ගෝලීය ආර්ථික වර්ධනයට තවදුරටත් පහත වැටීමක් අපෙක්ෂා කරනවා. එපමණක් නොව, අවාසි සහගත මෙන්ම අවදානම් කාරී තත්ත්වයද වර්ධනය වීමට ඉඩ පවතිනවා. මෙහිදී විශේෂයෙන්ම උද්ධමනය වඩා ස්ථායී කිරීම දැඩි ලෙස අවශ්‍යයි. මේ අතර ඉහළ ණය මට්ටම් සහ සීමිත ප්‍රතිපත්ති ඇති රටවල් අතිරේක අභියෝග වලට මුහුණ දෙනු ඇති. එහිදී අනතුරු ඇඟවීමක් ලෙස ශ්‍රී ලංකාව ගෙන හැර දක්වන්න පුළුවන්,” යනුවෙන් ඇය පැවසුවාය.
මේවන චිනයේදී දැඩි ආර්ථික කඩා වැටීමක් පෙන්නුම් කරන අතර එයද ගෝලීය ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් වනු ඇත.