බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසාහි  අල් – ෂිෆා රෝහල් බිමෙන්   ලෝකයට පෙනෙන මිනිසුන් තුළ නිදා සිටින  තිරිසනාගේ  තරම!

by editor
නොවැම්බර් 18, 2023
in පුවත්
al-shifa-hospital

වටකර ඇති අල් ශිෆා රෝහල!

Share on FacebookShare on Twitter

ඊශ්‍රායලය ලෝකයේ ඕනෑම තත්ත්වයක දී ලබා දිය හැකි  අතිශය අමානුෂික නියෝගය අද උදෑසන  ලබා දි දුන්නේය. විදුලිය හෝ ඔක්සිජන් නොමැතිව ජිවත් විය නොහැකි  අසාධ්‍ය රොගීන් සහ ඉන්කියුබිලේටරවලින් ඉවත් කළ පසු ආයාසකර උත්සාහයකින් ජීවත් කරවමින් සිටිනා  නොමේරූ ළදරුවන් සහිත අල් -ෂිෆා රෝහලෙන් පැයක් තුළ ඉවත්වීමට ඊශ්‍රයාලය නියෝග කළේය.

al-shifa-hospital
බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලද දරුවෙක්…

මානව හිමිකම් නැමැති උත්තර සංකල්පය තුච්ඡ ලෙස දූෂණය වන්නට ඉහහැර ඇමරිකාව ඇතුළු බටහිර ජාතීන්   කරමින් මුනිවත රකින  මොහොතක අපේ රටේ ලේක් හවුස් එකටත් පහළට වැටී සිය හාමුපුතුන්  වෙනුවෙන් දේශපාලනය කරන බටහිර මාධ්‍ය දකිමින් හිඳිමු.

සිවිල් වැසියන් ඉලක්ක  කරගෙන  ඊශ්‍රයලය එල්ල කළ  ප්‍රහාරවල  බිහිසුණුකම හේතුවෙන් අවතැන් වූ හත් දහසකට අධික පිරිසක් අල් ෂිෆා රෝහල් පරිශ්‍රය ඇසුරෙහි මඩු අටවාගෙන  වෙසෙති. මේ පිරිස අසාධ්‍ය රෝගීන් සමග පැයකින් ඉවත් වන්නේ කෙසේද ?. එම ඉවත්වීම  රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණහ.

අල්-ෂිෆා හි වෛද්‍ය මූලාශ්‍රයක් අල් ජසීරා වෙත පවසා තිබුණේ  දින ගණනාවක් තිස්සේ ඊශ්‍රායල හමුදා විසින් බෝම්බ හෙලීමට හා වැටලීමට ලක් කරනු  ලැබූ මෙම රෝහල තුළ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් 150ක් පමණ සිටින බවය. රෝගීන් ප්‍රමාණය 450කට වැඩිය.

රෝගීන් සහ නොමේරූ ළදරුවන් ගාසා තීරයේ  දකුණට   මාරු කිරීමට ඔවුන්ට ගිලන්රථ නෑ…,” දකුණු ගාසාවේ ඛාන් යූනිස් ආරංචි මාර්ග කීවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

විදුලිය විසන්ධි වීමත් සමග නොවැම්බර් 12 වැනිදා සිට අල් ෂිෆා රෝහලේ ඉන්කියුබේටරයෙන් ඉවත් කළ ළදරුවන් 39 දෙනාගෙන් 04ක් ඊයේ වනවිට මිය ගොස් තිබිණි . තව ළදරුවන් 05ක් ඉන්නේ දැඩි රෝගී තත්ත්වයකය.

“රෝහලට  ඔක්සිජන් හිඟකම සහ විදුලිය නොමැතිකම හේතුවෙන් දැනටමත් දින අටක් තිස්සේ නොමේරූ ළදරුවන්  ඔවුන්ගේ ඉන්කියුබේටර් වලින් බැහැරව සිටින්නේ.    නොමේරූ ළදරුවන් 35 ක් ඒ ආකරයෙන් යන්තම් පණ ගැටගහන්නවා. ” රෝහල් ආරංචි මාර්ග  හෙළි කරයි.

“ඉන්කියුබේටර් නොමැතිව ඉතිරි වූ ළදරුවන් 39 ක් හිටියා.   සිකුරාදා අගභාගයේදී ඉන් සිව් දෙනෙකු මිය ගියා. ඉතිරි වූ 35 දෙනාගෙන්  05 දෙනෙකු මේ වන විට දැඩි ලෙස රෝගාතුරවී සිටින්නේ.” අල් ජසීරා වාර්තා  පවසයි.

“ඉන්ධන නොමැතිකම නිසා ගාසා නගරයේ සහ උතුරු ප්‍රදේශවල ප්‍රවාහන මාධ්‍යයක් නෑ… ඔවුන් කියන්නේ ජනතාවට පයින් ඉවත් වෙන්න කියලා.    වෛද්‍යවරු වන අපට කියන්න තිබෙන්නේ  පයින් මෙතරම් පිරිසක් ඉවත් කළ නොහැකි බවයි. ”     අල් – ෆිෂා  රෝහලේ වෛද්‍යවරියක් පවසා තිබිණි.

“ඊශ්‍රායල හමුදාව   අණ කළ පරිදි මේ රෝහලේ අසරණ  රෝගීන්, නොමේරූ ළදරුවන්, අවතැන් වූ පවුල් දකුණට මාරු කිරීම සඳහා කිසිදු ප්‍රවාහන මාධ්‍යක්, ගිලන්රථ සඳහා ඉන්ධන හෝ මෝටර් රථ සඳහා වෙනත් විසඳුම් ලබා දී නැ… එහෙමයි ඔවුන් අපව පිට කරන්න යන්නේ…” ඇය එකතු කළාය.

al-shifa-hospital
ජීවිතය පමණක් ඉතිරි කරගෙන පැමිණ මිනිස්සු රෝහල් භූමිය අවට මඩු තුළ…

ඊශ්‍රයාල ප්‍රතිචාරය

ලෝකයෙන් මේ නියෝගයට එල්ල වූ තියුණු බලපෑමත් සමග ඊශ්‍රයාලය ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ අල්-ෂිෆා රෝහලෙන් ඉවත් වන ලෙස රෝගීන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට නියෝග කළ බවට පලවී ඇති ප්‍රකාශය  ඊශ්‍රායල හමුදාව විසින්  ප්‍රතික්ෂේප කරමිනි.

“කිසිම අවස්ථාවක ඊශ්‍රයාල හමුදා විසින් රෝගීන් හෝ වෛද්‍ය කණ්ඩායම් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ නැති බව අවධාරණය කළ යුතුයි…  ” ඔවුහු කීහ.

හමුදාව   කියා සිටියේ  රෝහලේ සිට ඉවත් වීමට කැමති අයට “ආරක්ෂිත අක්ෂයක්” හරහා පිටවීමට ඉඩ දෙන ලෙස “ෂිෆා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමට තමන්  ප්‍රතිචාර දැක්වූ බවය.

“වෛද්‍ය ඉවත් කිරීමක් සම්බන්ධීකරණය කිරීමට ඉල්ලීමක් ඇති සෑම අවස්ථාවකම ඊට පහසුකම් සැලසීමට සහ රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කිරීමට හමුදාව ලෙස අපි කටයුතු කළ හැකි  බවට රෝහල් බලධාරීන්ට යෝජනා කළා”. ඊශ්‍රයාල හමුදා කීවේ එවැන්නකි.

මෙම ප්‍රකාශය රෝහල් අධ්‍යක්වරයා  සහ වෛද්‍යවරුන් විසින් ලබා දුන් ප්‍රකාශ වලට දැඩි ලෙස ප්‍රතිපක්ෂ වී තිබිණි.  ඔවුන් පැවසුවේ ඔවුන්ට ඉවත් කිරීම සඳහා පැයක කාල සීමාවක් ලැබුණු බවත්, පිටව යාමට බල කළ බවත්ය.

” මේ ප්‍රකාශ දැඩිව ප්‍රතික්ෂේප කරනවා.  දුෂ්කර තත්වය තිබියදීත්, වෛද්‍ය කාර්ය මණ්ඩලය වැඩ කරමින් සහ ක්‍රියාත්මක වෙමින් හිටියේ …  ඊශ්‍රයාල හමුදා අපට තුවක්කු පෙන්වා පිටව යාමට බල කළා.”   අල් ජසීරාට  රෝහල් වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම මේ වනවිට එල්ල වී ඇති   බලපෑම් හමුවේ අසාධ්‍ය රෝගීන් ඊජිප්තුව වෙත රැගෙන යෑමට රෝහල් බලධාරීන් ලයිස්තුවක් සකස් කර භාර දී තිබේ. තත්ත්වය මේ වනවිටත් කිසිම යහපත් මානුෂීය මට්ටමක නැත.

al-shifa-hospital
ඊශ්‍රයාල් සෙබලුන් මිට දෙදිනකට පෙර රෝහල් භූමියට ඇතුළු වී සිටින අයුරු…

රෝහලට යටින් භූගත හමාස් අණදෙන මධ්‍යස්ථානයක් ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ නමුත් එහි ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් හමු නොවීය.

එහෙත් ඊශ්‍රයාලය පුන පුනා කියන්නේ   යේ තම හමුදාවන් විසින් ආයුධ විශාල ප්‍රමාණයක් සහිත වාහනයක් සොයා ගත් බවත් රොහල් පත්ල හමාස්   උමං මධ්‍යස්ථානයක් බවය.

හමාස් සහ රෝහල් කාර්ය මණ්ඩලය සෑම විටම ඊශ්‍රායල ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබිණි. හමාස් සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයට ආරාධනා කළේ අවශ්‍යනම් ඇවිත් මේ සම්බන්ධව නිරීක්ෂණය කර විසඳුමක් ලබා දෙන ලෙසය.

ඊශ්‍රයාලය සහ ඇමරිකාව ලෝක යුද්ධයක් හදන ලකුණු!

ගැඹුරු වන මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් ඊශ්‍රයාලය වෙත පලකරමින් ඇත. ඒ කිසිවකට ඇහුම්කන් දීමට ඊශ්‍රයාලය සූදානම් නැත.

ජෝර්දානයේ විදේශ අමාත්‍යවරයා වූ  අයිමන් සෆාඩි අද ඊශ්‍රයාලය ප්‍රමුඛ බටහිරට තීරණාත්මක  අනතුරු ඇඟවීමක් කළේය. අරාබි රාජධානිය තුළ පලස්තීනුවන් අවතැන් කිරීම නැවැත්වීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරන බව ඔහු කීවේය. ඇමතිවරයා මේ බව පැවසුවේ “The IISS Manama Dialogue” සැසිය අමතමිනි.

මෙම සංවාදය මැදපෙරදිග වඩාත්ම හදිසි විදේශ ප්‍රතිපත්ති, ආරක්ෂක සහ ආරක්ෂක අභියෝග පිළිබඳව විවාද කිරීමට මැදපෙරදි රාජ්‍යවල  ඇමතිවරුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම විශේෂඥයින්, විචාරකයන්  සහ ව්‍යාපාරික ප්‍රජාවන්ගේ සාමාජිකයින් සඳහා විවෘතවන සුවිශේෂී සංසදයකි. බහරේන්හි 19 වැනි වරට පවත්වන මෙම සැසිය නොවැම්බර් 17 සිට 19 තෙක් පැවැත්වෙමින් ඇත.

මේ වනවිට ගාසා තීරයේ සිවිල් වැසියන් 12 000කට අධික ප්‍රමාණයක් මිය ගොස් සිටිති. ඉන් 4000කට වැඩි පිරිසක් නොදරුවන් බව පලස්තීන් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියයි. මේ සංඛ්‍යා ලේඛන එක්සත් ්ජාතීන්ද පිළිගෙන තිබේ. ඛේදවාචකය මීට වඩා බෙහෙවින්ම දරුණු විය හැකි බවත් සංඛ්‍යාලේඛන වාර්තාවන්නේ මන්දගාමීව බවත් විදෙස් මාධ්‍යය කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල ලයිට් හවුස් හෝටලය අසල වෙඩි තැබීමක්!

Next Post

ඔක්කොම පාස්… අලි ගහන කැලේ මැද එරියාව “ශිෂ්‍යත්ව ඉස්කෝලේ “ මේ පාරත් දිනුම්!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.