අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔක්කොම පාස්… අලි ගහන කැලේ මැද එරියාව “ශිෂ්‍යත්ව ඉස්කෝලේ “ මේ පාරත් දිනුම්!

by editor
නොවැම්බර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රීමති විජේරත්න –

පහ වසර  ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ බොහෝ කතාබහ ඇති වී තිබෙන්නේ එහි ප්‍රතිඵල නිකුත් වීමෙන්  අනතුරුව ය. දරුවන් ට ශිෂ්‍යත්ව විභාගය අනවශ්‍ය පීඩනයක් යැයි බොහෝ බොහෝ දෙනා කියති. නමුත් ගමේ අහිංසක මල් කැකුළු පිපී  දිලෙන්නට, සුවඳ හමන්නට මඟක් ඔවුන්ට වුවමනා ය. වන්නියේ දරුවන් ඒ මග පාදා ගන්නේ ශිෂ්‍යත්ව  විභාගය ය හරහා ය. අපේ රට සංවර්ධිත රටක් නොවන නිසා මේ අහිංසක දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය වත් අවශ්‍ය ය.

ඒ අවශ්‍යතාවයේ උපරිම ඵල නෙලා ගන්නට මහව අධ්‍යාපන කලාපයේ එරියාව මහින්ද ප්‍රාථමික විද්‍යාලය මෙවර ත් සමත් වූ පුවත සතුටින් ලියා තබමු.

එරියාව  මහින්ද ප්‍රාථමික විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් ගණන 29 කි. ඔවුන් සියලු දෙනාම ශිෂ්‍යත්ව විභාගය සමත් ය. කඩඉම් ලකුණ පසු කළ සිසුන් විසි දෙනෙකි. ඩබ්ලිව්. එම්. අනුජ ෂෙනාල් වන්නිනායක ලකුණු 185 ක් ලබා ගත්තේය . තවත් සිසුන් නව දෙනෙක් කඩඉම් ලකුණ අසලට ළඟා වූ දරුවන්ය. ලකුණු එකසිය විසි නමයට වඩා අඩු කිසිදු ළමයෙක් නැත. ඉතින් සියල්ලෝම සමත්ය. අපේ රට තුළ තවත් මෙවැනි පාසලක් තිබෙනවාද  යන්න සැක සහිතය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරු පිරිස සහ ඇදුරු මඬුල්ල..

මේ ජයග්‍රහණය   මෙලෙසම ඔවුන් ලබන්නේ 2016 වර්ෂයේ සිටය.  සෑම වර්ෂයකම ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගන්නා මෙම පාසල  මෙරට නොදන්නා කෙනෙක් නැති තරම්ය.

ලකුණු 185 ක් ලබාගත්  ලබා ගත්  ඩබ්. එම්.මනුජ ෂෙනාල් වන්නිනායක  ශිෂ්‍යයා මෙසේ පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

” අපි ශිෂ්‍යත්ව  විභාගයට ඉගෙන ගත්තෙ හරිම සතුටින් …ළහිරු.කොළඹ ගේ සර්  තමයි අපේ පන්ති භාරව හිටියෙ. සර් අපිට ඉගැන්නුවෙ  ඉතාම කරුණාවෙන්. අපි වැඩිපුර කාලය ගත කළේ පාසලේ. අපේ ඉස්කෝලේ දුෂ්කර ප්‍රදේශයක තියෙන නිසා වල් අලින්ගෙන් අපිට හරිම කරදරයි.  ඉස්කෝලේ ලොකු සර් අපිට අලි වැටක් ගහලා දෙන්න මැදිහත් වුනා .  ඒ  නිසා ඒ ප්‍රශ්නය විසඳුනා .

අපිට ඉගෙන ගන්න හොඳ වටපිටාවක් සකස් කරල දුන්නා. මේ වගේ ප්‍රතිඵලයක් අපිට ලබන්නට පුළුවන් වුණේ ඒ නිසා.යාලුවෝ ගොඩක් දෙනෙක් පාස් වෙලා.ඉතින් හරිම සතුටුයි. උදව් කරපු හැමෝටම පින්……..අනාගතයේ රටට දැයට වැඩදායක පුරවැසියෙක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව…”

පාසලෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ඩබ්.එම්.අනුජ ෂෙනාල් වන්නිනායක සිසුවා සහ ඒරියාවට විශිෂ්ට ප්‍රතිඵල ගෙනෙන්නට කැප වූ ලහිරු කොලඹගේ ගුරුතුමා…

පාසලේ ජයග්‍රහණය පිළිබඳ දෙමව්පිය දෙපලක් ද අදහස් දැක්වූහ.

ඩ්බ්.එම්. නිශාන්ත රාජකරුනා ශිෂ්‍යත්ව ඉස්කෝලේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී  සිටි දරුවෙකුගේ තාත්තා කෙනෙකි. ඔහු අපට මෙසේ කීවේය.

“සුපුරුදු පරිදි මෙවරත් අපි ජයග්‍රහණය ලබලා තියෙනවා .දෙමව්පියො විදිහට අපිට පුදුම සතුටක් තියෙන්නේ. විදුහල්පතිතුමා පාසලේ පරිසරය ඉතාම ලස්සනට සකස් කරලා තියෙනවා. දුෂ්කරතා මගහරවා ගන්න එතුමා අප්‍රමාණ ලෙස කැප වෙනවා. දරුවො ගැන හොයා බලනවා.

ඒ වගේම තමයි මෙවර ශිෂ්‍යත්ව  විභාගයට පෙනී සිටි ළමයින්ගේ පන්ති භාරව සිටි ලහිරු කොළඹගේ ගුරුතුමා. එතුමාගේ කැපවීම උපරිමයි.පාසලේ අනිත් ගුරුවරුනුත් සහයෝගය දැක්වූවා.   ඒ සියලු දෙනාගේම කැපවීම නිසා අපේ පාසල මෙවරත් රටේ නමක් දිනාගත්තා.”

එච්.එම්. සංගීතා  මදුරංගි එරියාව පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවෙකුගේ අම්මා කෙනෙකි.  ඇය අසීමිත සතුටෙනි.

“පහුගිය කාලේ අපේ පාසලට විවිධ බාධක පැමිණුනත් ඒ සියලු බාධක මැඩගෙන තමයි විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය මේ පාසල කරගෙන යන්නේ. ඒ සියලු බාධාවන්ට මෙවර ත්  ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳ පිළිතුරක් දීල තියෙනවා.

අපේ දරුවෝ ගමෙන් නගරෙට ගිහිල්ලා ජනප්‍රිය පාසලක ඉගෙන ගන්නවා දකින්ට ලැබීම හරිම සතුටක්. දෙමව්පිය හැමදේම කරන්නේ දරුවො වෙනුවෙන්.ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න මේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයෙන් ලැබෙන්නේ අපමණ සහයෝගයක්. ඒ සියලු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.”

මෙම පාසලේ වර්තමාන විදුහල්පති බී.වි. අනිල් ගාමිනී විජේරත්න මහතා මෙසේ අදහස් දැක්වූයේය.

විදුහල්පති අනිල් ගාමිනී විජේරත්න

” පාසල කරගෙන යන්නේ විවිධ බාධක මැද්දේ. මම මගේ උපරිමයෙන් පාසලේ සියලු අඩුපාඩු සම්පූර්ණ කරගන්න උත්සාහ කරනව. දරුවන්ට ඉතා හොඳ ඉගෙනුම් පරිසරයක් පාසල තුළ නිර්මාණය වෙනවා නම් පීඩනයකින් තොරව ඔවුන්ට අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න පුළුවන්. දරුවෝ ඉගෙන ගත්තෙ ඉතා සතුටින්. අනවශ්‍ය  පීඩනයක් දරුවෝ  තුළට පටවනවා වෙනුවට අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් තමයි ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළේ. ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මිදුනහම ඒ තුළ පීඩනයක් ඇති වෙන්නේ නැහැ. “

“මේ දරුවන්ගේ පන්ති භාර ගුරුවරයා ලෙස වැඩ කටයුතු කළේ ලහිරු කොළඹගේ ගුරුතුමා. එතුමා තමන්ගේ පෞද්ගලික වැඩකටයුතු පවා දෙවැනි තැනට දාල තමයි   පාසල වෙනුවෙන් කැප උනේ. පාසල අනෙක්  සියලුම ගුරුවරු  සහ මහව  අධ්‍යාපන කලාපයේ  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඇතුලු  සියලුම නිලධාරීන් අපට අවශ්‍ය  සහයෝගය ලබා දුන්න. “

“දෙමව්පියො  උපරිමයෙන් කැප වුණා. කණ්ඩායමක් විදියට හැගීමෙන් කටයුතු කලාම    ජයග්‍රහණ ලබාගන්න එක පහසු වෙනවා. ස්වභාවික විපත් අනතුරු පවා මැඩගෙන  යි අපි මේ ජයග්‍රහණය කරා ආවේ. “

“පාසලේ විදුහල්පතිතුමා විදිහට අහිංසක දරුවන් වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව වැඩ  කටයුතු කිරීමට හැකිවීම  පිළිබඳව නිහතමානී සතුටක් මා තුළ තිබෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාසාහි  අල් – ෂිෆා රෝහල් බිමෙන්   ලෝකයට පෙනෙන මිනිසුන් තුළ නිදා සිටින  තිරිසනාගේ  තරම!

Next Post

ඔවුන් සතුටින්… හිටපු ජනපතිගේ උපන්දිනයට ගිය ජනපති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.