හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (17) සිය 78 වැනි උපන්දිනය සැමරවේය. ඒ කොළඹ 07 විජේරාම පාරේ පිහිටි ඔහුගේ නිල නිවසේය.
ඔහුගේ උපන්දින සාදයට විශේෂ අමුත්තෙක් සම්බන්ධ වන්නේය. ඒ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය.
පොහොට්ටු ආණ්ඩුව ජනතා විරෝධයෙන් පළවාහල පසු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එක්ව පාර්ලිමේන්තුව තුළ සිය ආණ්ඩුව පවත්වා ගැනීමට පත් කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැවින් මේ සාදයට එක් වීමේ විශේෂත්වයක් නැත.
කෙසේ වෙත්ත රට බංකොලොත් භාවයට පත් කිරීම සම්බන්ධව වගකිවයුතු පුද්ගලයෙක් ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර තිබූ පුද්ගලයින් අතර ප්‍රධානියා මහින්ද රාජපක්ෂය. පසුගිය දින කීපය පුරාම අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළ මෙම පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටවත් කටයුතු නොකිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ බරපතල ප්‍රශ්නකිරීම් සිදු වී තිබිණි.
එවැනි තීන්දුවක් ගන්නවා නම් එසේ ගත හැක්කේ ජනාධිපතිවරයාට පමණක් වීම විශේෂය.
. @PresRajapaksa celebrates his 78th birthday today at his Wijerama Mawatha, Colombo 7, official residence. @RW_UNP at hand to wish him. pic.twitter.com/uxcoTfpqSr
— Ranga Sirilal (@rangaba) November 18, 2023