ලලිත් චාමින්ද –
ගාල්ල දඩැල්ල ලයිට්හවුස් හෝටලය අසලදි අද (18) පස්වරුවේ දි වෙඩි තැබිමක් සිදුවි ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
වෑගන්ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි පිරිසක් ත්‍රි රෝද රථ රියදුරකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර ත්‍රි රෝද රථ රියදුරුට වෙඩිවැදි නොමැති බව පොලිසිය කියයි.
කාර් රථයෙන් පැමිණි කණ්ඩායම ත්‍රි රෝද රථ රියදුරුට වෙඩි ප්‍රහාරයක් එල්ලකොට ඇති අතර ඔහු වෙඩි ප්‍රහාරයෙන් බේරි පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
ත්‍රි රෝදරථ රියදුරු ගාල්ල උණවටුණ ප්‍ර දේශයේ පදිංචි කරුවෙකි.
ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.







