ශ්‍රියානි විජේසිංහ –
ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර යන දුර්ලබ ගණයේ Meningococcal බැක්ටීරියාව බන්ධනාගාරය තුළට ඇතුළු වූයේ කෙසේද යන්න පිලිබඳව මේ වන විට විශේෂ පරික්ෂණයක් ආරම්බ කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.
බන්ධනාගාරයේ සිට නිදහස්ව ගිය පුද්ගලයෙකු ඊට දින කීපයකට පසු අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලු වී මියගොස් තිබෙන බැවින් මෙම පුද්ගලයා මාර්ගයෙන් බැක්ටීරියාව බන්ධනාගාරයට ඇතුළු වූවේද යන්න පිලිබඳව සැකයක් මතුව තිබනෙ බව වෛද්‍ය විජේසූරිය පවසයි.
මිය ගිය මෙම පුද්ගලයාගේ නිවැසියන් හා ඔහුගේ ආශ්‍රිතයන් මේ වන විට විශේෂ පරික්ෂණයක් ලක් කර ඇති බවද හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් බැක්ටීරියාව බන්ධනාගාරය තුළ ව්‍යාප්තවීම වලක්වා ගැනිම සදහා Ciprofloxacin නැමැති ඖෂධය ලබා දීමට කටයුතු කළ බවද හෙතෙම පැවසුවේය.
මෙම බැක්ටීරියාව බාහිර සමාජයට ඇතුලු වීම වළක්වා ගැනීම සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.