ලලිත් චාමින්ද –
ගාල්ල කොළඹ ප්‍රධාන බස් මාර්ගයේ සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ රියදුරන් අද (23) දහවල් සිට වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබිය.
ඔවුන්ගේ ධාවන කාලසටහන් වෙනස් කිරීමේ සිද්ධියකට අදාළව මෙම බස් රථ රියදුරු කොන්දොස්තරවරුන් වැඩ වර්ජනය ආරම්භ කොට ඇත.
බස් රථ සේවකයින් පවසන්නේ තමන්ට ලැබී ඇති තාවකාලිිික කාලසටහනට අනුව ගාල්ලේ සිට කොළඹට පැය තුනහමාරක කාලයක් ගමන් කළ යුතු වන අතර එවන් කාලයක් ධාවනය කිරීම හේතුවෙන් මගින් බස් රථවලට නැගීමට දක්වන උනන්දුව අඩුවී තිබෙන බවයි.
එසේම දකුණු අධිවේගී මාර්ගයේ කොළඹ ගාල්ල ධාවනය කිරීමට තමන්ට අවසර ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිිිිති.







