සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට ගන්නවායැයි කියූ විසි පස් දෙනා ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස පොහොට්ටුවේ ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
පසු ගිය සතියේදී පොහොට්ටුව ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස සිටින තාක් කල් සජබ මන්ත්‍රීවරු ආණ්ඩුව සමග එක් නොවන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ඇති බවත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් කර ගැනීමට පොහොට්ටුව බාධාවක් නම් ආණ්ඩුවට සහය පල කරන අතරම පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානම් බවත් ඉහළ ප්‍රධානියෙක් ජනාධිපතිවරයාට දන්වා ඇතියි දැනගන්නට ඇත.
පොහොට්ටුව පාර්ශවයෙන් මෙවැනි කැප කිරීමක් කිරීමට සූදානම්ව සිටියදීත් කල් නොයවා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු විසිපස් දෙනා ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස එම ප්‍රධානීන් දැනුම් දී ඇත.
කෙසේ වෙත්ත මේ වනවිට පොහොට්ටුවේ රනිල් වික්‍රමසිංහට සහාය දක්වන පාර්ශවය හා මහින්ද රාජපක්ෂ වෙත සහාය දක්වන පාර්ශවය ලෙස තීරණාත්මක කොටස් දෙකකට බෙදී තිබිය දී එක් එක් ගොඩ වඩාත් ලොකු බව කියැවෙන ප්‍රවෘත්ති දෙපාර්ශවයෙන්ම පැල කරමින් සිටින ආකාරය පෙනී ගොස් ඇත.







