සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ග්‍රාමීය කර්මාන්ත නැගිටුවන්න විද්‍යාත්මක පර්යේෂණ සහය

by Lanka Sara Editor
සැප්තැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීම සඳහා පර්යේෂණ ආයතන සතු විද්‍යාත්මක දැනුම ගමට ගෙනයාමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ මැටි, පිත්තල, වේවැල්, ලී ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

මේ පිළිබඳව දෙපාර්ශ්වය අතර අවබෝධය ගොඩනැගීමේ විශේෂ සාකච්ඡාවක් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ සහ ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සාම්ප්‍රදායික දේශීය කර්මාන්තකරුවන් සඳහා නූතන තරඟකාරී වෙළඳපොළ ඉල්ලුමට ගැළපෙන ගුණාත්මක නිෂ්පාදන බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම ඒකාබද්ධ වැඩසටහනේ අරමුණයි.

ග්‍රාමීය කර්මාන්තකරුවන් යොදාගන්නා සම්ප්‍රදායික අමුද්‍රව්‍ය වලට විද්‍යාත්මක පර්යේෂණ හරහා අගය එකතු කිරීම, ඒ තුළින් නව නිර්මාණ බිහි කිරීම, නූතන තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර නිර්මාණය ආදිය වැඩසටහනේ දී සිදු කෙරෙන බවත් මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කෙරිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රමුඛතාව ලබාදිය යුතු වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකි ව්‍යාපෘති කිහිපයක් මෙහි මූලික අදියරේ දී ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වේවැල්, මැටි, කෙඳි වර්ග සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

සම්ප්‍රදායික කර්මාන්තකරුවාට ගැලපෙන, ඔවුන්ට දරාගත හැකි ආකාරයට තාක්ෂණික ක්‍රමවේද සමීප කරවීම,විවිධ පරිමාණයන්ගෙන් කර්මාන්ත ගොඩනැංවීම, අපතේ යාමකින් තොරව අමුද්‍රව්‍ය කාර්යක්ෂමව යොදාගැනීම ඇදිය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සහ කාර්මික තාක්ෂණ ආයතනය ද, අමාත්‍යාංශය මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සමග එක්ව ක්‍රියාත්මක කරන දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානය (TDIC) සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය (TPIC) ද, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාව, ලක්සල සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය මෙම වැඩසටහන සඳහා එක්වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරට ප්‍රථම වතාවට කෘත්‍රිම සිංචනයෙන් බැටළුවන් පැටව් තුන්දෙනෙකු උපදී

Next Post

ටෙනීගේ වියෝවෙන් ක්‍රිකට් ලෝකයත් කැළඹෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.