ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ හිස් ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවල දී එම ස්ථානයට ගිනිඅවිය ගෙනවිත් දමන පුද්ගලයා අනාවරණය වී ඇති අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇති නමුත් ඔහු මෙම ස්ථානයට මෙම ගිනි අවිය රැගෙන පැමිණි පුද්ගලයා නොවන බව ද විමර්ශන අංශ කියයි.
අදාල පුද්ගලයා සීසීටීවී දර්ශන විමර්ශන මගින් හඳුනාගෙන ඇතත් ඔහු තවමත් අත් අඩංගුවට ගෙන නැත. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.







