බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහුවුනේ එකයි… බිලියන ගණන් මත්ද්‍රව්‍ය රැගෙන ගොඩබිමට පැමිණි තවත් කුඩා බෝට්ටු කීපයක් සොයා විමර්ශන…

by editor
දෙසැම්බර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙහිබාලේ ගේ ඥාතියෙක්… ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු සැඟවී පලා ගිහින්…

රුපියල් බිලියන 2කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය කිලෝ 193කට අධික ප්‍රමාණයක් සමඟ නාවික හමුදාව විසින් කොටුකර ගත් කුඩා යාත්‍රාවට එම මත්ද්‍රව්‍ය ලබාදුන් බහුදින යාත්‍රාව හඳුනා ගෙන සිය භාරයට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇත.

එම බහුදින යාත්‍රාවේ සිටි 05 දෙනෙක්ද මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි. ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිස්ස ධීවර වරායේදීය.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත එම බහුදින යාත්‍රාවේ හිමිකරුද අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මත්ද්‍රව්‍ය සමඟ කුඩා යාත්‍රාවේ සිටි 05 දෙනෙක්ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය වැටලීමට අදාළව සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

බහුදින යාත්‍රාව ගැඹුරු මුහුදට ගොස් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉරාන් යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පටවාගෙන ඇතැයි ද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ. චන්ද්‍රිකා තාක්ෂණික දුරකතනයක් ඔස්සේ මෙහි ප්‍රධාන ජාවාරම්කරු විසින් ලබාදුන් උප‍දෙස්වලට අනුව ඉරාන යාත්‍රාවෙන් ලබාගත් මත්ද්‍රව්‍ය තවත් කුඩා බෝට්ටු කිහිපයකට නොගැඹුරු මුහුදු තීරයේ දී පටවා ඇති බව ද හෙළිවී තිබේ. කිලෝ 193කට අධික මත්ද්‍රව්‍ය සමඟ කොටුකර ගන්නේ ඒ එක් බෝට්ටුවකි. සෙසු බෝට්ටු සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම බෝට්ටුකරුවන්ව මෙ‍හෙයවා ඇති ප්‍රධාන ජාවාරම්කරුවාද හඳුනා ගැනීමට සමත්ව ඇත. ඔහු දෙවිනුවර කපුගම පදිංචිකරුවෙකි. මේ වන විට ඔහු පලාගොස් සැඟව සිටින බව පොලීසිය කියයි. ලෝස් පටබැඳිගේ සඳුන් ටෙලාන් නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (24) ඔහු‍ගේ ඡායාරූපයක්ද මාධ්‍යයට නිකුත් කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෙත 071-8591876 දුරකතන අංකය වෙත ඇමතුමක් ගෙන දැනුම් දෙන ලෙස ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම සැකකරු ගැන යම් තොරතුරක් වෙතොත් පොලිසියට දන්වන්න…

අත්අඩංගුවටගත් සැකකරුවන් දකුණු පළාතේ දෙවුන්දර, මිරිස්ස ආදි ප්‍ර‍ෙද්ශවල පදිංචිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි. ඒ අතර කුප්‍රකට දෙහිබාලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙක් ද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

විදේශයක රැඳී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුට මෙම මත්ද්‍රව්‍ය අයත් බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත. කුඩා බෝට්ටුවේ තිබී හමුවූ මත්ද්‍රව්‍ය උර 11ක බහා තිබී ඇත. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 172ක් සහ හෙරොයින් කිලෝ 2කට අධික ප්‍රමාණයක් ඒ තුළ තිබී සොයාගෙන තිබේ.

ධීවර යාත්‍රා දෙකම සැකකරුවන් සමඟ ඊයේ උදෑසන ( 24) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආවේය. එහිදී සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය පරීක්ෂා කර හඳුනා ගැනීමකින් අනතුරුව සිය භාරයට ගත්තේය.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහත්වරු එක්විය. ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාද නිරීක්ෂණ සහ විමර්ශන කටයුතුවලට සම්බන්ධව සිටියේය. ( දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ )

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විපතට පත් ප්‍රජාව නොරිදවා ඔවුන්ට උපකාර කරමින් නත්තලේ සැබෑ අරුත් සමරන්න… කාදිනල් හිමිපානෝ ඉල්ලති!

Next Post

ග්‍රෑන්ඩ්පාස් හැටේ වත්තෙන් ටී -56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සොයා ගැනේ!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.