කීර්ති ප්‍රනාන්දු –
-
දඬුගං ඔයෙ ගිල්වූ කෝටි දෙකකට වඩා වටිනා ගෝඩා බැරල් 200ක් අත් අඩංගුවට… මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වැටලීම කරන්නේ බෙම්මුල්ල පොලිසියෙන්…
මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ කොටුගොඩ දඩුගං ඔය ආශ්රිත පවත්වාගෙන ගොස් තිබූ ගම්පහ ඉතිහාසයේ විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය බෙම්මුල්ල පොලිසිය මගින් ඊයේ( 08) අලුයම වැටලුවේය.
මෙම වැටලීමේ දී සැකකරුවන් දෙදෙනෙකු සමග මත්පැන් පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා බැරල් 200 ක් අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ගෝඩා මිලි ලීටර් තුන්කෝටි එකොළොස් ලක්ෂ හතළිස් දහසක ප්‍රමාණයක් විශාල ප්‍රමාණයේ බැරල් 200 ක් තුළ දමා ගගේ ගිල්වා තිබියදී පොලිසිය භාරයට ගනු ලැබුවේය.
මෙසේ ගඟේ ගිල්වා තිබූ ගෝඩා බැරල් තොගය ගොඩ ගැනීම සඳහා පොලිස් නාවික කොට්ඨාසයට අයත් බෝට්ටුවක්
සමග එම නිලධාරීන්ගේ ද සහයෝගය පොලිසියට ලබා දී තිබිණ
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සීදුව සහ ඒකල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 55 සහ 45 වියේ පසුවන්නන් බව පොලිසිය පවසයි .
සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ කොටුගොඩ දඬුගං ඔය ආශ්‍රිතව ඉතා දීර්ඝ කාලයක පටන් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය තුළ නිපදවන මත්පැන් කොළඹ ප්‍රදේශයේ මෙන්ම මුහුදුබඩ ප්‍රදේශවලත් කඩුවෙල ,පානදුර සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළත් ඉතා සංවිධානාත්මකව බෙදාහැර ඇති බව පොලිසිය පවසයි .
පොලිසිය පැවසූවේ මෙම ගෝඩා සහිත බැරල් දඬුගං ඔයේ ගිල්වා සඟවා තබා එම ස්ථානවලදීම මත්පැන් පෙරීම මෙම සැකකරුවන් විසින් සිදු කරගෙන ගොස් ඇති බවය.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ ජගත් රෝහණට ලද තොරතුරකට අනුව ඔහුගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ (1) නාලක සේනානායකගේ අධීක්ෂණය යටතේ බෙම්මුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන්තාරක ගේ මෙහෙයවීම යටතේ සිදුකර තිබූ මෙම වැටලීම සඳහා උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.රණසිංහ , පොලිස් සැරයන් වරුන් වන( 55451)සම්පත් ,(60572) ගයාන් ,(60900)දේවසිංහ, (60804)බංඩාර , පොලිස් කොස්තාපල්වරුන් වන( 82559)කුමාර, (99931)විකුම් ,(37654)පානබොක්ක ,(102892) ජයරත්න ,(102893)පැහැසර , (103421) මිහිරන්ග, (106059)මදුෂන්ක, පොලිස් රියදුරු (1668)ලක්මාල් , පොලිස් නාවික කොට්ඨාසයේ සැරයන්වරුන් වන (30738) ජයකොඩි ,(33427)පුෂ්ප කුමාර යන නිලධාරීහු මෙම වැටලීම සඳහා එක්වී සිටියහ. .
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා බෙම්මුල්ල පොලිසිය මගින් මිනුවන්ගොඩ පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය මගින් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .







