අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හොරණට හල්වතුරට සහ හෑගොඩට… දිගටම වැසි…

by editor
ඔක්තෝබර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩි ම වර්ෂාපතනය කලුතර දිස්ත්‍රික්කයේ හොරණට ලැබී ඇති අතර එය මිලිමීටර් 194.5ක් ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

එසේ ම ඉංගිරියට මිලිමීටර් 187 ක ද හල්වතුරට මිලිමීටර් 155.5 ක ද අරකාවිලට මිලිමීටර් 133 ක ද ගාල්ල දිස්ත්‍රික්කයේ හෑගොඩට මිලිමීටර් 142.5 ක ද වැසි ලෑබී ඇති අතර නුවරඑළිය, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ලැබී තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර, පියදිගම, දංගෙදර, ඇල්පිටිය, ඉමදූව, හබරාදූව, තවලම, ඇල්පිටිය, බෝපේ පෝද්දල යන ප්‍රදේශවල පුද්ගලයින් පන්සියයකට ආසන්න පිරිසක් මේ වනවිට පීඩාවට පත් ව ඇති අතර ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී, නිවාස රැසකට ද හානි සිදු ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ත්‍රිකුණාමලයේ පුද්ගලයෙක් අකුණු සැර වැදීමෙන් මියගොස් ඇති අතර දකුණ, සබරගමුව හා මධ්‍යම පළාතේ නිවාස කිහිපයකට ද හානි සිදු ව තිබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින ආශ්‍රිත ව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව තැන තැන වැසි ඇති වන බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර්100 ක පමණ තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතින බවත් ඔවුහූ පවසති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් තවදුරටත් කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, වලල්ලාවිටි, පාලින්දනුවර, දොඩංගොඩ, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවලට ද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, ඇළපාත, අයගම, කිරිඇල්ල, පැල්මඩුල්ල, කලවාන නිවිතිගල ප්‍රදේශවලට ද ගාල්ලේ බද්දේගම ප්‍රදේශයට ද නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

සවස් කාලය වන විට වැසි තත්ත්වය තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගෙන  ආයුධ පෙන්වීමට ගෙනයද්දී  එස්.ටී.එෆ්  වෙඩි පහරින් අහුංගල්ලේ වෙඩික්කරු මරුට…

Next Post

වසරේ දෙවන කාර්තුවේදී  කෝටි 600ක චෙක් පත් අගරු වෙයි !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.