සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටිපති ව්‍යාපාරික ගුලාම් හුසේන් ඝාතනයේ සැකකාර බාල පුතා ලබන 08 තෙක් රිමාන්ඩ්…

by editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්
jail
Share on FacebookShare on Twitter

කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අලි ගුලාම් හුසේන්   දැනට වසර හතරකට පමණ ඉහත දී ඝාතනය කෙරුණු  බවට සැක පිට   රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ බාල පුත්‍රයා වන අලි ගුලාම් හුසේන්   ලබන 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නියෝගය කළේ එම පැමිණිල්ල අද (01) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී ද සිල්වා  ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීය..

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදින ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2017 ජුනි 9 වන දින කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාල පරිශ්‍රයේදී මිය ගියේය.  ගුලාම් හුසේන්ගේ මරණය ස්වාභාවික මරණයක් ලෙසින් අවසන් කටයුතු සිදු කෙරිනි.

එහෙත් 2018 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට   පැමිණිල්ලක් ලැබුණේ මේ මරණය ස්වභාවික මරණයක් නොව, සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් බව කියමිනි. සාධාරණ පදනමක් සහිතව ඉදිරිපත් වූ ඒ පැමිණිල්ල මත   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේය. සිද්ධිය විමර්ශනයේ මූලික අදියරේ දීම මෙය සැකකටයුතු මරණයක් බව පරීක්ෂකයන්  අනාවරණය කරගත්තේය.

වර්ෂ 2019 දී ව්‍යාපාරික ගුලාම්හුසේන්ගේ දේහය ගොඩගත්තේය.  ඔහුගේ දේහය යළිත් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සඳහා යොමු කෙරිනි.   සියුම් විමර්ශනයක් කෙරිනි.    ඔහුගේ ශරීරයේ හකු වල අස්ථි බිඳීමක් සහ වම් පැත්තේ ඉළ ඇටයක් බිඳී ඇති බව විශේෂඥයෝ නිරීක්ෂණය කළහ. අවසන් විශේෂඥ නිගමනය වූයේ ගුලාම් හුසේන්ගේ  මරණය සිදු වී ඇත්තේ මොට ආයුධයකින් සිදු කරන ලද පහර දීමක්  හේතුවෙන් බවය.   ටයි පටියකින් ගෙල සිර කිරීමක් සිදුව ඇති බවත් අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ 37 හැවිරිදි බාල පුත්‍රයා වූ අලි ගුලාම්හුසේන් අත්අඩංගුවට ගත්තේය.

අධිකරණය ඉදිරියේ නඩුව විභාග වෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විවෘත කළ රටේ රාජ්‍ය සේවය සිදුවන හැටි දක්වන චක්‍රලේඛය මෙන්න…

Next Post

කොළඹට එන්න ආව චීන පොහොර නැව සිංගප්පූරුවට හරවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.