විවෘත කළ රටේ රාජ්‍ය සේවය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ දැක්වෙන චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ විසින් නිකුත් කර තිබේ.
එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
සේවය සඳහා සේවක සේවිකාවන් ගෙන්විය යුතු ආකාරය, නිල වාහන ප්‍රවාහන සේවා දීමනා ලබනා මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන් සේවයට වාර්තා කළ යුතු ආකාරය, මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවසේ සිට සේවය සැලසිය යුතු ආකාරය, පිළිබඳ දක්වමින් නිකුත් කර ඇති එම සම්පූර්ණ චක්‍රලේඛය මෙසේය.








