සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවනේ… ඉස්සරහට එන්නෙ අමාරු කාලයක්… ඊට මුහුණ දෙන්න සැරසෙන්න…

ළමා දිනය ගැන කතා කරමින් වන්නිලා ඇත්තෝ කියති!

by editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ වෙනම ආකාරයට ලෝකය දකින්නෙකි. ලෝකය විග්‍රහ කරන්නෙකි.  අද ලෝක ළමා හා වැඩිහිටි දිනය දා ලංකාසර අපි වන්නිලා ඇත්තෝ ඇමතීමු. 

මේ ඔහු අප සමග කළ කෙටි පිළිසඳරේ සංක්ෂිප්තයයි.

“ අද ළමයින්ට වෙන් කළ දිනයක්.  මා සතුටු වෙනවා දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් වෙනුවෙන් මේ වගේ දිනයක් වෙන් කිරීම ගැන.“

“අද වෙනකොට මේ රටේ ඉතිහාසය ගැන හොයන්න මිනිසුන් ජීවත් වුන විදිහ හොයන්න විවිධ තැන්වල පුරාවිද්‍යාත්මක   කැණීම් කරනවා. මිට වසර හතලිස් අට දහසකට පනස් දහසක ඉතිහාසයක් හොයන්නයි මේ කැණීම් කරන්නේ.  නමුත් මේ රටේ කිසිම කැණිමකින් ළමා නිවාසයක, මහළු නිවාසයක තොරතුරු හමුවෙලා නෑ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“නමුත් අද මිනිස්සු කියනවා අතීතයෙ නොදියුණු මිනිස්සු මේ රටේ ජීවත් වුණේ කියලා. චාරිත්‍ර වාරිත්‍ර  හැදියාව අද තරම් තිබුනු කාලයක් නෙමෙයි කියලයි මිනිස්සු කතා කරන්නෙ. මිනිස්සු හඳට යනවා තමයි. ග්‍රහලෝකවලට යනවා තමයි. ලෝකය මහා දියුණුවක් ලබලා තමයි. එත් මිනිස්සු පිරිහිලා ගිහින්.“

“බලන්න නගරයකට ගිහින්. ළමා නිවාස කීයක් තියනව ද?. අනාථ මඩම් කීයක් තියනව ද?. මිනිස්සුට තමන්ගේ ජීවිත චර්යාවන් ගැන නැවත හිතලා බලන්න තමයි ලෝක ළමා දිනයක්, ලෝක වැඩිහිටි දිනයක් නම් කරලා තියෙන්නෙ.“

“මේ දියුණුයි කියලා හිතන සමාජයෙ දරුවො තාඩන පීඩන හිරිහැර වලට ලක් වෙනවා. අම්මලා තාත්තලගෙනුත් පීඩාවට පත් වෙනවා. එහෙම කාලයක ළමයින් වෙනුවෙන් දිනයක් වෙන් කිරීම වැදගත්.“

“ළමයෙකුට ළමා කාලයක් තියෙන්න ඕන නිසා තමයි, නිදහසේ ඉන්න කාලයක් තියෙන්න ඕන නිසා තමයි ඔහුට ළමයෙක් කියන්නේ. දරුවෙකුට කැලේ ගිහින් සෙල්ලම් කරන්න කාලයක් තිබිය යුතුයි.  ළමයෙක් ලෙස වැඩෙන්න කාලයක් තිබිය යුතුයි. ලෝකය දියුණු වෙනවා කියලා කියනකොට ඒ හැම දෙයක්ම ළමයින්ගෙන් ඈත් වෙලා ගිහින්. දරුවො ඉන්නෙ තරගයක. ඒ තරගය තියෙන්නේ අම්මල තාත්තලා අතර.“

“අල්ලපු ගෙදර ළමයා හොඳට ඉගෙන ගන්නවා නම්, අපේ දරුවා අධ්‍යාපනයට මන්දගාමී නම්  අපේ දරුවාට ලෝකයේ තියන හැම අපහාසයක්ම කරනවා. දඬුවම් කරනවා. දියුණුයි කියන ලෝකය දරුවන්ට සලකන්නෙ එහෙමයි.“

“අපේ තාත්තලාගෙ කාලෙ දි මේ වගේ දින වෙන් කරලා තිබ්බෙ නෑ. එදා කාලෙ ළමයින්ට ළමා කාලයක් තිබුණා.  අපි පොඩි කාලෙත් අපිට ළමා කාලයක් තිබුණා.  ළමයි නිදහසේ හිටියා. ළමා කාලය ගත කරන දරුවොන්ට හැම දවසක්ම ළමයින්ගෙ දවසක් වුණා. “

“දරුවනේ.. මම ඔබට මතක් කරන්නේ. අද ඔබේ දවස. ඔබට වටිනා දිනයක්. දරුවන් හැටියට ඔබ අදවත් සෙල්ලම් කරන්න ඕන. කැලෑවෙ දුවන්න පනින්න ඕන. මඩේ නටන්න ඕන,  අවුවෙ ඉන්න ඕන. එහෙම නිදහසේ ඉන්න.

“හැබැයි ඔබට යමක් කිව යුතුයි. ඉස්සරහට ලෝකයෙ අමාරු කාලයක් එනවා. ඊට මුහුණ දෙන්න සැරසෙන්න… ඉගෙන ගන්න. අධ්‍යාපනය කියන්නෙ පොතෙන් පතෙන් ලැබෙන දේ විතරක් නෙමෙයි. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්ලේ ක්‍රීඩකයා ඝාතන චෝදනාවට අත්අඩංගුවට පත් හමුදාවේ 15 ලබන 15 තෙක් රිමාන්ඩ්…

Next Post

විවෘත කළ රටේ රාජ්‍ය සේවය සිදුවන හැටි දක්වන චක්‍රලේඛය මෙන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.