බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 07ක මූල්‍ය වංචා චෝදනාවකට බන්ධනාගාරගතව සිටි අවුරා තාඹුගල ඇප මත නිදහස්…

by editor
මැයි 27, 2024
in පුවත්
Thambugala
Share on FacebookShare on Twitter

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල   කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ අද ( 27) ඇප මත මුදාහැරියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිර පසුගිය 22 දා   නියෝග කළේ මෙම තැනැත්තා අද දින (27)  තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

ඔහුට එල්ල වූ චෝදනාව අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමෙන්   ණයට  ලබාගත් රුපියල් කෝටි 07ක  මුදලක්  පොරොන්දුවූ කාලවකවානුව තුල නොපියවා වංචා කිරීමය.

සැකකරු පැමිණිලිකාර පාර්ශවයෙන් මෙම මුදල ලබාගෙන තිබුනේ දින 15කින් එය පියවා දැමිමේ පොරොන්දුව මත වුවත් එ් සඳහා දෙපාර්ශවය විසින් අත්සන් කළ ගිවිසුම උල්ලංඝනය කරමින් තාඹුගල කට්ටි පැන්න බව චූදිත පාර්ශවය චෝදනා කළේය.

අවසානයේ දි අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධිපති ආතර් සේනානායක මේ සිද්ධිය  පැමිණිල්ලක් ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඉදිරිපත් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අනුව කෙරුණු විමර්ශනය ප්‍රකාරව තාඹුගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් විය.

අනතුරුව සැකකාර තාඹුගල අධිකරණයට ඉදිරිපත් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 22  පවසන්නේ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ දී රුපියල් මිලියන 60ක මුදලක් සැකකරුගේ ගිනුම වෙත බැරවී ඇති බවට සියලු තොරතුරු ලැබී ඇති බවය.

මෙම ණය පැහැර හැරීමෙන් අපරාධමය වරදක් සිදුවී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේය.

විරංජිත් තාඹුගල  වෙනුවෙන් අධිකරණයේ පෙනී  නීතිඥවරු එදා  සදහන් කර සිටියේ තාඹුගල අදාළ ආයතනයෙන් හෙළිකොප්ටර් දෙකක් මිලදීගැනීමේ ගනුදෙනුවක් සිදුකර ඇති බවත්,   අදාළ අවසන්  මිලගණන්  විමර්ශනයේ  රුපියල් මිලියන 120ක මුදලක් තම සේවාදායකයා පැමිණීලිකරුට ගෙවා ඇති  බවත්ය.

තාඹුගලගේ නීතිඥවරු කීවේ තාඹුගල එවැනි කෝටි 07ක මුදලක් ලබා ගත්තේ නැති බවය.

අධිකරණය මේ දෙපාර්ශවයේම කරුණු සලකා බලා පසුගිය 22 දා තාඹුගලව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

තාඹුගල සම්බන්ධ විමර්ශන හැකි ඉක්මනින් අවසන් කර අවසන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

අනතුරුව අද ( 27) දින තෙක්     රක්ෂිත බන්ධනාගාරගතව සිටි තාඹුගල අධිකරණය විසින් ඇප මත නිදහස්  කළේය.

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ රෝහල්වල රෝගීන්ට ගෞරවාන්විත ආහාර වේලක්!… පිඟන් අරන් පෝලිමේ එන්න නෑ… කෑම පිඟාන ලඟටම ගේනවා…

Next Post

පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් පුද්ගලයන් දෙදහසක් පමණ පණ පිටින් මිහිදන් වෙයි !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.