ශ්‍රියානි විජේසිංහ –
මෙටර රජයේ රෝහලක ස්ථාපිත විශාලතම හා ප්‍රධානතම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය වන කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය වෙත රුපියල් මිලියන 220ක වටිනාකමින් යුතු නවීන තාක්ෂණයෙන් යුතු සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් (128 Slice CT Scan ) රෝගී ප්‍රතිකාර සේවාව සඳහා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.
මෙම යන්ත්‍රය ඊයේ (11) දිනයේදී රෝහල වෙත භාර දීම සෞඛ්‍ය ආමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින් සිදුකරන ලදි.
මෙම සී.ටී යන්ත්‍රය මගින් වේගවත්, ආරක්ෂිත , වඩාත් නිවැරදි විනිශ්චයන් ලබා දෙන අතර පටක අතර වෙනස හඳුනා ගැනීම සහ රෝග තීරණය පහසු පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත ඉතා නිවැරදිව සහ කාර්යක්ෂමව සපයනු ලබයි.
රිය අනතුරු, පහරදීම්, වැටීම් හේතුවෙන් මොළයට හා සුසුම්නාවට හානි සිදුවූ රෝගින් , මොළයේ ගැටිති, මොළයේ පිළිකා, මොළයේ සිදුවන ලේ ගැලිම් සඳහා ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගින්ට , රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ මොළයේ අභ්‍යන්තරයේ සිදුවන ලේ ගැලීම් නරත කිරිම ශල්‍ය කර්මම සිදුකළ යුතු රෝගීන්ට මෙන්ම සුසුම්නාව සම්බන්ධ ශල්‍යකර්මවලට යොමු කළ යුතු රෝගීන්ගේ ශල්‍යකර්මවලට පෙර හා පසු රෝග තත්ත්වය විනිශ්චය කිරීමට අවශ්‍ය වාර්තා ලබා ගැනීම මෙම යන්ත්‍රය භාවිත කරයි.
ජතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය ශල්‍යාගාර 10න් දැඩිසත්කාර ඒකක 10න් අධිනිරික්ෂණ ඒකක 2න් සමන්විත වන අතර දැඩිසත්කා ඒකක ඇඳන් 200ට අධික වන අතර අති නවීන වෛද්‍ය උපකරණ වලින් මෙන්ම හෙලිකොප්ටර් ගොඩබැස්සවීම් අංගනයකින් (Helipad) සමන්විත වේ.
මෙහි විශේෂ පුහුණුව ලත් වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයෙන් සමන්විතය.
මෙම යන්ත්‍රය සඳහාවන මුදල් ප්‍රතිපාදනයන් සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘති හරහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දී තිබේ.







