පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයෙත්, ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපයෙත් පාසල් වසා දැමීමට බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (14) වසා තැබෙනු ඇත.
ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල පාසල් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබෙනු ඇත.
මීට අමතරව කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට සහ අනිද්දා ( 14 සහ 15) වසා තැබීමට නියමිතය.







