බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුණ්ඩසාලයේ දී අත් අඩංගුවට ගත් චීන, තායි, පිලිපීන් වියට්නාම් තරුණ පිරිස රක්ෂිත බන්ධනාගාරයට… තවත් චීන්නු 30ක් හෙට මහනුවර අධිකරණයට….

by editor
ඔක්තෝබර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ දී  ඊයේ (12) අත් අඩංගුවට ගනු ලැබූ  පිලිපීන, තායි,  වියට්නාම් සහ චීන තරුණයින් 130 දෙනා කුණ්ඩසාලෙ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දා තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් වරුණා කරල්ලියැද්ද අද (13) නියෝග කළාය.

මෙම තරුණයින් සැප්තැම්බර් 30වැනි දින සිට කුණ්ඩසාල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සූක්ෂම ලෙස අන්තර්ජාලය ඔස්සේ බැංකු තැන්පතුවලින් මුදල් සොරකම් කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය සැක කරයි. පුද්ගලයින් 130 දෙනෙක් මෙම මෙහෙයුමේ දී අත් අඩංගුවට ගනිද්දී තරුණයින් සිවු දෙනෙක් මහවැලි ගඟට පැන පීනා ගොස් පැනගත් බව පොලිස් වැටලීම් කණ්ඩායම කියයි.

මෙම කණ්ඩායම සතුව නවීන ඇපල් පරිගණක 120ක්, ඩෙක්ස්ටොප් පරිගණක 15ක්, ස්මාට් ජංගම දුරකථන 300ක්, රවුටර් 50ක්, සහ තවත් තාක්ෂණික උපකරණ තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ. පිරිස අතර තරුණියන් 17 දෙනෙක් ද සිට ඇත.

භාෂා පරිවර්ථක ලෙස කටයුතු කර ඇත්තේ සිංහල තරුණයෙකි. ඔහුත් අත් අඩංගුවේ පසුවේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මින් පෙර හබරන දී ද චීන ජාතික කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන ඇත. ඒ අත් අඩංගුවට ගැනීමේ දී පලා ගිය බව කියන 26ක් කුණ්ඩසාලේ දී අඩංගුවට පත් වී තිබේ.

මේ පිරිස සංචාරක වීසා මත ලංකාවෙ රැඳී සිට ඇති අතර ඔවුන් ලැගුම් ගෙන සිටි කුණ්ඩසාලෙ හෝටලේ සුඛෝපභෝගී කාමර 47ක් ඉදිරි මාස හයක කාලයක් සඳහා මේ පිරිස විසින් වෙන් කරවාගෙන ඇත.

මේ වනතුරු ලක්ෂ පනහ ඉක්මවූ ආහාර බිල් ඔවුන් විසින් හෝටලය වෙත පියවා ඇති බව ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මේ පිරිසගේ සැකකටයුතු රැඳී සිටිම පිළිබඳ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට ලැබුණු උපදෙස් මත මහනුවර කොට්ටාස අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිලක් සමරනායකගේ මෙහෙයවීමෙන් කණ්ඩායම් රැසක් යොදවා මේ පිරිස අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් මෙම අත් අඩංගුවට පත් පිරිසෙන් කිසිවෙක් ප්‍රකාශ ලබා දීම ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන්ට තම මවු භාෂාව හැර වෙනත් කිසිම භාෂා පාරිචයක් නොතිබීම ගැටලු සහගත බවත් වාර්තා වී ඇත.

එමෙන්ම මේ පිරිසට එරෙහිව මේ වනතුරුත් කිසිම පැමිණිල්ලක් ලෝකයේ කොතැනකින්වත් ලැබී නොමැති පසුබිමක අත් අඩංගුවට ගත් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන් අරුණ බංඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මේ අවස්ථාවේ දී විත්ති කරුවන් වෙනුවෙන් නීතිඥවරුන්වන අමිත් පෙරේරා, චමල් ද අල්විස්, තාරක හීන්කෙන්ද, යන නීතිඥවරු විවෘතඅධිකරණයේ දී කරුණු දැක්වූහ.

එහිදී නීතිඥ අමිත් පෙරේරා ප්‍රකාශ කර තිබුණේ මේ පිරිස සම්බන්ධයෙන් මුදල් ජාවාරමක් හෝ වෙනත් කිසිම මූල්‍ය චෝදනාවක් නොමැති නිසා මෙම පිරිස අගතියට පත් කිරීම නුසුදුසු බවය.

චීන වියට්නාම් පිලිපීන් තායි තරුණ පිරිස් නිතරම ලංකාවට යන එන බවත්, මේ තරුණයින් අතර ලැප්ටොප්, ජංගම දුරකථන භාවිතය සහ අන්තර්ජාලය ඔස්සේ සබඳතා පැවත්වීම සාමාන්‍ය දෙයක් බවත්ය.

මේ පිරිස් චෝදනාවක් හෝ නිශ්චිත අපරාධ අනාවරණයක් රහිතව අත් අඩංගුවට රැගෙන සිරගත කිරීම ශ්‍රී ලංකාවෙ නමටත් කැළලක් සේම සංචාරක ව්‍යාපාරයට මින් ඍජු බලපෑම් එල්ලවන බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මතුවුන කරුණු සියල්ල සලකා බලා වැඩ බලන මහේස්ත්‍රාත්වරිය දණ්ඩනීති සංග්‍රහයේ 400 යටතේ පරිගණක අපරාධ පනත සහ ඔට්ටු ඇල්ලිමේ පනත යටතේ නෛතික පදනම මත මේ පිරිස රක්ෂිත බන්ධනාගාගත කරන්නැයි නියෝග කළාය.

තවත් චීන ජාතිකයින් 30 දෙනෙක් අත් අඩංගුවට…

මේ අතර වීසා රහිතව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 18ක් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ දි ද චීන ජාතිකයින් 12ක් කොළඹ නුවර මාර්ගයේ පේරාදෙණිය ප්‍රදේශයේ හෝටලයක ද ලැගුම් ගෙන සිටියදී අත් අඩංගුවට ගනු ලැබුවේය.

අනිවත්ත ප්‍රදේශයෙ දී අත් අඩංගුවට ගතත් 18 දෙනා අතරින් 16 දෙනෙකුට වලංගු විදේශ ගමන් බලපත්‍රත් හෝ තිබී නැති බව මහනුවර සංචාරක පොලිසිය පවසයි. එම 18 දෙනා අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වෙති.

මහනුවර දි අත් අඩංගුවට ගත් 18 දෙනා සහ පේරාදෙණියේදී අත් අඩංගුවට ගත් 12 දෙනා ඇතුළු චීන ජාතිකයින් 30 දෙනා හෙට මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි. මේ අයද පරිගණක මූල්‍ය වංචාවන්ට සමබන්ධ බවට පොලිසිය සැක කරයි.

මෙම සිද්ධි සම්බන්ධව පුලුල් විමර්ශනයක් මහනුවර පොලිසිය විසින් ආරම්භ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික් හතකට නායෙ යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි!

Next Post

කොළඹ  ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සියලුම පාසල් වැසේ!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.