බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් කාලේ රටට රුපියල් බිලියන 2.2ක් වටිනා රැපිඩ් ඇන්ටිජන් කිට් වැඩිම ප්‍රමාණය ගෙනත් තියෙන්නේ NMRA ලියාපදිංචිය නැති සමාගමක් ! මිස්ටර් ඇන්ටිජන්ලාගේ පැටිකිරිය පාර්ලිමේන්තුවේ දි එළියට…

by editor
දෙසැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීමේ දී ඒ සඳහා වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ රටේ ආන්දෝලනයට තුඩු දුන් මිත්‍රෝපකාර ගනුදෙනුවක් සමබන්ධ කුප්‍රකට කතාවට සම්බන්ධ ව්‍යාපාරිකයා සතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක් නොලත් දිවස ෆාමා කලම්බො කියන සමාගමින් බවත් එම සමාගමින් ඇන්ටිජන් කට්ටල මිලියන දෙකක් මිලදී ගැනීම සඳහා මහජන මුදලින් රුපියල් බිලියන 2.2ක් වැය කර ඇති බවත් අද සෞඛ්‍ය හා ජනමාද්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

ඔහු අද හෙළි කළේ රටම මරණ බියෙන් ගිලගත් වසංගත සමයේ දී කොවිඩ් එන්නත් සහ ඇන්ටිජන් කට්ටල මගින් සිදුකළ අල්ජ්ජී වංචාවක තොරතුරුය. වසංගත සමයේ දී දල වශයෙන් රුපියල් බිලියන 3.2ක වියදමක් දරා තිබුණි. ඉන් බිලියන 2.2ක් වියදම් කර තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ දිවස ෆාමා කලම්බො ආයතනය වෙතය.

පීසීආර් කට්ටල සඳහාත් රුපියල් බිලියන 3.2ක් වියදම් කර තිබිණි. පීසීආර් කට්ටල සඳහා සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල සඳහා රජය වියදම් කළ මුළු මුදල රුපියල් මිලියන 6422කි. දළ වශයෙන් බිලියන 6.4කි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇසූ ප්‍රශ්නයකට දීර්ඝ ලෙස පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නිලින්ද ජයතිස්ස මෙසේ ද පැවසුවේය.

මේ මිලදී ගැනීම්වලදි එන්එම්ආර්ඒ ලියාපදිංචි වූ සමාගම් කවරේ ද කියලා. මෙතන සමාගම් 26ක් තියනවා. මේ සමාගම් 26 අතරින් සමාගම් 07කින් පී.සී.ආර් සහ ඇන්ටිජන් මිලදී අරන් තියනවා. ජොර්ජ් ස්ටුවට් එක රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් සපයලා තියනවා. හැබැයි මේ රැපිඩ් ඇන්ටිජන් සැපයීමේ දී මිලියන 2ක ප්‍රමාණයක් සපයපු රුපියල් මිලියන 2200ක් රජය විසින් වියදම් කරපු දිවස ෆාමා කලම්බො කියන සමාගම NMRA ලියාපදිංචි සමාගමක් නොවෙයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒ අය ලියාපදිංචිය සඳහා ඉල්ලලා තියනවා 2021.06.01. නමුත් ඒ අයට ඒ අයගේ සුදුසුකම් සපුරලා නැති නිසා ලියාපදිංචිය ලබා දීලා නෑ. මෙතන පැහැදිලිවම පේනවා ඇන්ටිජන් වැඩිම ප්‍රමණයක්, මිලියන 02ක්, NMRA ලියාපදිංචි සමාගමක් නෙමෙයි.

මේ සම්බන්ධව අපි අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කරනවා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර මෙවැනි ප්‍රශ්න කිරීම් සහ පිළිතුරු සැපයීම් අවස්ථාවක් නිර්මාණය විය.

රවුෆ් හකීම් – එන්නත් පර්යේෂණ මට්ටමේ තිබෙද්දි ප්‍රසිද්ධ සමාගම් දියුණු මට්ටමක ඇවිත් ඇති අවධියක කලින් සිටම අඩු ගානකට එන්නත් ගැනීම පැහැර හැරීමක් කර තියන වග පැහැදිලි වෙනව ද?

නලින්ද ජයතිස්ස – මේ සම්බන්ධව ප්‍රශ්නයක් තියනවා. ලෝක වෙළෙඳපළේ තියන මිලට වඩා වැඩි මිලකට එන්නත් මිල දී අරන් තියනවා. ඒකත් ඇන්ටිජන් වලම කොටසක් බවයි පෙනෙන්නේ. අප තව මේ අමාත්‍යාංශය භාර ගෙන මාසයයි. තව ටිකක් කල් දෙන්න. ඔබතුමාට පොරොන්දු වෙනවා සාධාරණ පරීක්ෂණයක් වන බවට.

රවුෆ් හකීම් – සමහර සමාගම් NMRA ඇනවුම් කරීමට පෙර එන්නත් ටෙස්ට් කිරීම් අවදියේ තියෙද්දි ව්‍යතිරේකයක් ලෙස එම එන්නත් ගෙන්වන්න අනුමැතිය ලබා දී තියනව. එන්නත් අඩු මිලට ගෙන්වීමට ඉදිරිපත් වී ඇති සමාගම් වලට අනුමැතිය ලබා නොදී ඥාති මිත්‍රයින්ට උදව් කිරීමක් ලෙස වාගේ ඇතැම් සමාගම්වලට අනුමැතිය ලබා දී තිබෙනවා. මේ සම්බන්ධව රජය කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමක් ද?.

නලින්ද ජයතිස්ස – වසන්ගතයට තමයි කට්ටිය මුවා වෙලා තියෙන්නේ. ලියාපදිංචි නොවූ සමාගම් වලින් කලින් ඇනවුම් කරන ලද දේවල් ගෙන්වලා තියෙන්නෙ කොවිඩ් මර්ධනයේ මුවාවෙන්. මම අර ලියාපදිංචි නොවූ සමාගම ගැන කිව්වා. ඔබතුමා අහන සහ රටේ ආන්දෝලනයට තුඩු දුන් සමාගමේ අනෙක් සමාගමේ අනෙක් සමාගම තමයි මේ ලියාපදිංචියක් නැතිව බිලියන 2.2ක මුදලක් රජය මගින් වියදම් කරලා තියෙන්නෙ. මේ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කරලා මේ පිළිබඳව සියලු තොරතුරු සභාගත කරන්න අප කටයුතු කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියානු සංචාරයේ දී රට පාවා දෙන කිසිම ගිවිසුමකට අත්සන් කළේ නෑ… විජිත පාර්ලිමේන්තුවේ දී සහතික වෙයි!

Next Post

IMF එක්ක කතා කරලා උපයනවිට ගෙවන බද්ද අඩු කරගත් හැටි ජනපති කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.