ගෝඨාගෝගම සිද්ධි වාර්තා කිරීම හා අරගලයට සක්‍රියව මැදිහත්වීමේ චෝදනා මත වීසා අවලංගු කර සිටිය දී අතුරුදහන් වී ඇති ස්කොට් ජාතික තරුණිය වන කේලී ෆේසර් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඇය මේ වනවිට සොයා ගැනීමට නොහැකි බැවින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කළේය.
වීසා අවලංගු කළ කේලී ෆ්‍රේසර් පසුගිය 15 වැනිදා රටින් පිටවී යන ලෙස ආගමන විගමන පාලකවරයා නියෝග කර තිබිනි. එම නියෝගය අභියෝගයට ලක් කරමින් පසුගිය 12 වැනිදා ඇය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළාය.
පසුගිය 16 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණය ඇයගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඇය සම්බන්ධව තොරුතුරක් නැත්තේ ඉන් අනතුරුව බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේය.







