වර්ෂ 2007 දී රූපවාහිනියට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එම වරද සම්බන්ධව වසර 15කට පසු අද අත්අඩංගුවට ගෙන තිබේ.
මර්වින් සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබිණි.
එම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසිනි.
ධනිෂ් අලි රූපවාහිනියට අනවසරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතිවූ තත්ත්ව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.







