අනුරාධපුර – පර්සි කුරුනේරු –
කැකිරාව දිසා අධිකරණයේ ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා හපා කා විනාශ කළ බව කියන නීතිඥවරිය ලබන අගෝස්තු 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කැකිරාව මහේස්ත්‍රාත් එච්.එම්.එස් බණ්ඩාර අද (28) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැකිරාව නගරයේ පදිංචි තිස් අට හැවිරිදි රෝෂිණි අබේරත්න නමැති නීතිඥවරියකි.
සැකකාර නීතීඥවරිය අධිකරණ ලේඛනාගාරයේ තිබු වංචනික ලෙස කුඨ ලේඛන සකසා තමන් සතු කර ගත් කඩ කාමරයකට අදාල නඩු ගොනුවේ තිබූලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බව අධිකරණයේ දී කියැවිණි.
ඇයගේ මුව තුළ තිබි ඉවතට ගත් ලේඛන කොටස් ඩි.එන්.ඒ පරික්ෂණයකට යොමු කර තහවුරු කරගන්නා ලෙස







