සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවමත් නාකොටික්වත් නොදන්නා ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ඇතුළු කුවේටයේ දී එල්ලා මැරුව පස් දෙනා…

by editor
ජූලි 28, 2023
in පුවත්
2015 ජූනි 27 වන දින කුවේටයේ පැරණිම ශියා පල්ලියකට  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොල කරු Abdulrahman Sabah Idan කුවේට් රජය විසින්  ඊයේ එල්ලා මරා දමනු ලැබුවේය....

2015 ජූනි 27 වන දින කුවේටයේ පැරණිම ශියා පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොල කරු Abdulrahman Sabah Idan කුවේට් රජය විසින් ඊයේ එල්ලා මරා දමනු ලැබුවේය....

Share on FacebookShare on Twitter

කුවේට් රජය ඊයේ (27) පුද්ගලයින් 05 දෙනෙක් එල්ලා මරා දැමුවේය. ලංකාවේ අපට එය වඩාත් සමීප ප්‍රවෘත්තියක් වන්නේ ඒ එල්ලා මරා දැමූ පස් දෙනා අතර ශ්‍රී ලාංකක මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් ද සිටීමය.

මේ වනතුරු ඔහු පිළිබඳ අනන්‍යතාවය අපේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ විසින් හෙළිදරව් කරගෙන නැත.

එල්ලා මරා දැමූ අනෙක් ප්‍රධාන පුද්ගලයා වන්නේ වර්ෂ 2015 දී පුද්ගලයන් 27 දෙනෙකුට මරු කැඳවූ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අයි.එස් සාමාජිකයා වූ අබ්දුල්රහ්මන් සබා ඉඩන් ය.

ඊට අමතරව මිනී මැරුම් සඳහා වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙක් ද  එල්ලා දැමූවන් අතර විය.  මිනීමරුවන්ගෙන් එක් අයෙක් ඊජිප්තු ජාතිකයෙකි. තවත් අයෙක් පුද්ගලයා කුවේට් ජාතිකයෙකි.

මෙම  රැඳවියන් කුවේට්  මධ්‍යම බන්ධනාගාරයේදී එල්ලා මරා දමා ඇති බව කුවේට් රජය නිවේදනය කළේය. නඩු පවරන්නන් පැවසුවේ මෙම පස් දෙනා අතර මුස්ලිම් පල්ලියේ ප්‍රහාරයට වරදකරු වූ පුද්ගලයා, , මිනීමැරුම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ තිදෙනෙකු සහ ශ්‍රී ලංකාවෙන් වරදකරු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බවයි. මිනීමරුවන්ගෙන් එක් අයෙක් ඊජිප්තු ජාතිකයෙක්, තවත් අයෙක් කුවේට් ජාතිකයෙක්.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පල්ලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ  ඉඩන් සවුද් ලෙස ද හඳුන්වනු ලැබුවේය.

ඉමාම් අල්-සාදික් පල්ලිය කුවේටයේ ෂියා මුස්ලිම්වරුන්ගේ පැරණිතම පල්ලියකි. වර්ෂ 2015 දී එම පල්ලියට බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නේ සිකුරාදා දහවල් යාඥාව අතරතුරදී ය.

එවකට සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශ පාලනය අයිඑස් ත්‍රස්තයන් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණු අතර ඉන් 220 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

සුන්නි අන්තවාදී කණ්ඩායම ෂියාවරුන් සලකන්නේ මරණයට සුදුසු ඇදහිල්ල අත්හළවුන් ලෙසය.

එය දශක දෙකකට වැඩි කාලයකට පසු කුවේටයට එල්ල වූ පළමු ත්‍රස්ත ප්‍රහාරය විය. මෙම ප්‍රහාරය කුවේටයේ සුන්නි සහ ෂියා මුස්ලිම් ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට අදහස් කළ නමුත් ඒ වෙනුවට එය පුළුල් ලෙස හෙළා දකින ජාතික සහයෝගීතා ජන රැල්ලක් ඇති විය.

කුවේටයේ අභියාචනා සහ ඉහළම උසාවිය ඉඩන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර එය අනුමත කළේය. නඩු විභාග සඳහා පෙනී නොසිටි තවත් සැකකරුවන් පස් දෙනෙකුට   මරණ දණ්ඩනය හිමි විය. ඔවුන් තවමත් අල්ලා ගැනීමට නොහැකි වී තිබේ.

කෙසේ වෙතත් මෙම මරණ දණ්ඩන ක්‍රියාත්මක වීම සම්බන්ධව  යුරෝපා  සංගමය සිය කණස්සල්ල පල කළේය.

“යුරෝපා සංගමය සෑම විටම සහ සෑම අවස්ථාවකදීම මරණීය දණ්ඩනයට දැඩි ලෙස විරුද්ධයි”  ඔවුහු ප්‍රකාශ කළහ.

“එය අමානුෂික දඬුවමක්…   එය අපරාධ වැළැක්වීමක් පිළිබඳ අකාර්යක්ෂම බව ඔප්පු කරනු ලබනවා.  එය ජීවත්වීමේ මූලික අයිතිය සහ මානව අභිමානය ප්‍රතික්ෂේප කිරීමක් නියෝජනය කරනවා.”

යුරෝපා සංගමය තවදුරටත් කිවේය.

කුවේට් සහ අනෙකුත් ගල්ෆ් රටවල් මිනීමැරුම් මෙන්ම   මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ප්‍රසිද්ධය. මානව හිමිකම් සඳහා වූ යුරෝපීය සෞදි සංවිධානයට අනුව (  European Saudi Organisation for Human Rights ) සෞදි අරාබිය මෙම වසරේ මුල් භාගයේදී පුද්ගලයන් 61 දෙනෙකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර  ඇත.

2022 දී පුද්ගලයන් 196 දෙනෙකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ අතර ඉන් පුද්ගලයින් 81 දෙනෙක් මරා දැම්මේ එක් දිනයක් තුළය.

ලොව පුරා මරණ දණ්ඩනයට විරුද්ධ වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි පර්යේෂකයෙකු වන ඩෙවින් කෙනී පැවසුවේ ගල්ෆ් කලාපයේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවය. ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් මෙම මරණ දණ්ඩනය නවත්වන ලෙස ගල්ෆ් කලාපයෙන් ඉල්ලා සිටී.

“මිනිසුන් මැරීම වෙනුවෙන්් මිනිසුන් ඝාතනය කිරීම අනාගත ඝාතන වැළැක්වීමේ හෝ අනාගත ඝාතන සංඛ්යාව අඩු කිරීමේ අරමුණක් ඉටු කරන්නෙ නෑ,” කෙනී පැවසීය. (ABC News)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝතමාලවේ බද්ධ නිවුන් දරුවන් වෙන් කළ පෙරළිකාර ශල්‍යකර්මයක්

Next Post

කූඨ ලේඛන ඉරා කෑ කැකිරාවේ නීතිඥවරිය රිමාන්ඩ්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.