ඉතිහාසගත ප්‍රහාරයක් සමග කුසල් පෙරේරා අමතක නොවන පිතිකරණකය. පන්දු 46කින් ලකුණු 101කි. ඊට හයේ පහර 04කි. 04 පහර 13කි. අතිශය තියුණු ලකුණු 219ක ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවසීලන්ත කණ්ඩායමට ලබා දී ඇත.
විස්සයි 20 ජාත්‍යාන්තර තරග අතර ලකුනු 2000ක් ඉක්ම වූ මුල්ම ක්‍රීඩකයා බවට කුසල් පෙරේරා පත්වුනේය. ඔහු අද තරගයේ පිතිකරණ ඉනිම නිමා කරන්නේ තරග 77ක දී ඉනිම 76ක් තුළ ලකුණු 2056ක් ලබා ගනිමිනි.
නෙල්සන්හිදී පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. සත්කාරක ක්‍රීඩකයින් පළමු තරඟ දෙක ජයගෙන තරඟාවලිය දැනටමත් අවසන් කර ඇති අතර, 3-0ක් ලෙස ජය ගැනීමට අපේක්ෂා කරයි.
T20I තරඟාවලියේ අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකාව විසින් පතිරණ සහ කමිඳු ඉවත් කර තිබිණි. භානුක රාජපක්ෂ නැවත කණ්ඩායම තුළට කැඳවා තිබිණි. චමිදු වික්රමසිංහද කණ්ඩාමට එක් වූයේය.
තණතීරුව සහ කොන්දේසි අනුව, වළාකුළු පිරි ආරම්භය වේග පන්දු යවන්නනට යහපත් බව පෙනුණි. යම් සහයක් ලබා දිය යුතුය. කෙසේ වෙතත් විකට් එක සාමාන්‍යයෙන් පිතිකරණයට හොඳ බව පෙනුනි. එහෙත් සිදුවූයේ බලාපොරොත්තු රහිත ප්රහායකට නවසීලන්ත පන්දු යවන්නනට මුහුණ දෙන්නට සිදුවීමය.
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක අද සාර්ථක වූයේ නැත. පැතුම් ලකුණු 14කි. කුසල් ලකුණු 22කි. අංක 4ට පැමිණි අවිශ්කත් ලකුණු 17කට දැවී ගියේය. එහෙත් අංක 3 පිතිකරු කුසල් ජනිත් සහ නායක චරිත් අසලංක තරගය මුලුමනින්ම කණපිට හැරෙව්වේය. කුසල් පන්දු 46ක දි ලකුණු 101ක් ලබන විට චරිත් පන්දු 24ක දී ලකුණු 46ක් ලැබුවේය. ඒ හයේ පහර 05ක් සමගිනි. එක් හතරේ පහරක් ද ඊට එක් විය. චරිත් අසලංක සහ කුසල් පෙරේරා අතර ගොඩනැගුණු සබඳතාවය ලකුනු 100කි. ඒ සිව්වන කඩුල්ල වෙනුවෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 218කි. නවසීලන්ත ඉනිම අරඹී තිබේ. බලාපොරොත්තු සහගතව බලාගෙන හිඳිමු.







