බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු සළිදුගේ ජාලය කුඩු කරමින් සිටි පොලිස් පරීක්ෂක යාපනේට දමයි

by Lanka Sara Editor
මාර්තු 14, 2022 - Updated on ජනවාරි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පානදුරේ කුඩු සළිඳුගේ මත්කුඩු ඡාවාරමට දිගින් දිගටම වැට බදමින් ඔහුගේ පාතාල ජාලය බිද දැමීමට කටයුතුකරමින් සිටි කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එල්.නයනජිත් මහතා යාපනයට ස්ථාන මාරුකර තිබේ.

පානදුරේ සළිඳුගේ ඡාවාරමට සම්බන්ධ හෙරොයින් කිලෝ 45 ක්ද ඉකුත් වසරේදී බණ්ඩාරගම රේරුකානේදී අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේද ප්‍රධාන පොලිස් පරීක්ෂක නයනජිත්ය. සළිදුගේ මෙහෙයුමකට අනුව පානදුර රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ ප්‍රධාන සැකකරුවන් පවා අත්අඩංගුවට ගනු ලැබුවේද නයනජිත් මහතාගේ මෙහෙයැවීමෙනි.

කුඩු සළිඳුගේ ජාවාරම් වලට නයනජිත් වැට බදිමින් සිටියදී ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් නයනජිත්ට දැඩි පීඩනයන් එල්ලවූ බව පොලීස් තොරතුරු අනාවරණය කළේය. විවිධ චෝදනා ඔහුට එල්ලකරමින් සළිදුගේ ජාලය බිද දැමීම අධෛර්යමත් කරන්නට වූ බැවින් නයනජිත් මහතා විසින් ස්ථාන මාරුවීමක් ඉල්ලා ස්ව කැමැත්තෙන් යාපනයට ගිය බවද පොලීසියේ අභ්‍යාන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

පානදුර කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතාද කුඩු සළිදුගේ මත්කුඩු සහ පාතාල ජාලය බිද දැමීමට නායකත්වය ගෙන පොලිස් කණ්ඩායම් මෙහෙයවන විටද ඔහුටද දැවැන්ත පීඩනයක් එල්ලවී තිබුණි. අවසානයේදී ඔහුට ස්ථාන මාරුවීමක් පවා ලැබුණි. මේ වන විට එම නිලධාරියා සේවය කරනුයේ පොලිස්පති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසිණි.

පානදුරේ කුඩු සළිදුගේ මෙහෙයැවීම මත ඉකුත් වසරේදී පානදුරේදී ධිවර කාර්මිකයෙක් මහා දවාලයේ වෙඩි තබා ඝාතනය කැරනු ලැබීය. එම ඝාතනයේ වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ අපරාධකරුවන් මේ වන විට සිටින්නේ රටින් පළාගොසිනි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කුඩු සළිදුගේ මත්කුඩු සහ පාතාල ජාලය බිද දැමීමට කටයුතු කරමින් සිටින කළුතර දිස්ත්‍රික්යේ සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයෙකුටද මේ වන විට එල්ලවී ඇති දැඩි පීඩනයන් නිසා ඔහුද ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය. එම නිලධාරියා ඉල්ලා ඇත්තේ බස්නාහිර පළාතින් පිටතට හෝ පොලීසියේ පාලන අංශයේ ස්ථානයකට ස්ථානමාරුවක් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාව තවමත් අපෙන් උදව් ඉල්ලුවේ නෑ – IMF කියයි

Next Post

පාසල් වාරය ඇරඹුණ දා ආහාර විෂ වී සිසුන් 12ක් රෝහලේ…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.