පානදුරේ කුඩු සළිඳුගේ මත්කුඩු ඡාවාරමට දිගින් දිගටම වැට බදමින් ඔහුගේ පාතාල ජාලය බිද දැමීමට කටයුතුකරමින් සිටි කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එල්.නයනජිත් මහතා යාපනයට ස්ථාන මාරුකර තිබේ.
පානදුරේ සළිඳුගේ ඡාවාරමට සම්බන්ධ හෙරොයින් කිලෝ 45 ක්ද ඉකුත් වසරේදී බණ්ඩාරගම රේරුකානේදී අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේද ප්‍රධාන පොලිස් පරීක්ෂක නයනජිත්ය. සළිදුගේ මෙහෙයුමකට අනුව පානදුර රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ ප්‍රධාන සැකකරුවන් පවා අත්අඩංගුවට ගනු ලැබුවේද නයනජිත් මහතාගේ මෙහෙයැවීමෙනි.
කුඩු සළිඳුගේ ජාවාරම් වලට නයනජිත් වැට බදිමින් සිටියදී ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් නයනජිත්ට දැඩි පීඩනයන් එල්ලවූ බව පොලීස් තොරතුරු අනාවරණය කළේය. විවිධ චෝදනා ඔහුට එල්ලකරමින් සළිදුගේ ජාලය බිද දැමීම අධෛර්යමත් කරන්නට වූ බැවින් නයනජිත් මහතා විසින් ස්ථාන මාරුවීමක් ඉල්ලා ස්ව කැමැත්තෙන් යාපනයට ගිය බවද පොලීසියේ අභ්‍යාන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
පානදුර කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතාද කුඩු සළිදුගේ මත්කුඩු සහ පාතාල ජාලය බිද දැමීමට නායකත්වය ගෙන පොලිස් කණ්ඩායම් මෙහෙයවන විටද ඔහුටද දැවැන්ත පීඩනයක් එල්ලවී තිබුණි. අවසානයේදී ඔහුට ස්ථාන මාරුවීමක් පවා ලැබුණි. මේ වන විට එම නිලධාරියා සේවය කරනුයේ පොලිස්පති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසිණි.
පානදුරේ කුඩු සළිදුගේ මෙහෙයැවීම මත ඉකුත් වසරේදී පානදුරේදී ධිවර කාර්මිකයෙක් මහා දවාලයේ වෙඩි තබා ඝාතනය කැරනු ලැබීය. එම ඝාතනයේ වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ අපරාධකරුවන් මේ වන විට සිටින්නේ රටින් පළාගොසිනි.
කුඩු සළිදුගේ මත්කුඩු සහ පාතාල ජාලය බිද දැමීමට කටයුතු කරමින් සිටින කළුතර දිස්ත්‍රික්යේ සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයෙකුටද මේ වන විට එල්ලවී ඇති දැඩි පීඩනයන් නිසා ඔහුද ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය. එම නිලධාරියා ඉල්ලා ඇත්තේ බස්නාහිර පළාතින් පිටතට හෝ පොලීසියේ පාලන අංශයේ ස්ථානයකට ස්ථානමාරුවක් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.