අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිවක් ඕනෑවට වඩා විශ්වාස නොකරන්න… ගූගල් මැප් එක මරණයට පාර කියයි!

by editor
සැප්තැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පිලිප් පැක්සන් පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දි මිය ගියේය. ඔහු මිය ගියේ වැසි සහිත රාත්‍රියේ නුහුරු පළාතක පිහිටි සිය මිතුරෙකුගේ නිවසක සිට සිය නිවස බලා ගමන් කරමින් සිටිය දීය.

පැක්සන් දියේ ගිලී මිය ගියේය.

මේ  ආගන්තුක ප්‍රදේශයේ  සිට නිවසට යෑමට මග දැන ගැනීමට ඔහු ගූගල් සිතියම යොදාගෙන තිබිණි.  අඳුරේ මහා ධාරාණිපාත වර්ෂාවක ගමන් කරමින් සිටි පැක්සන් එක් වරම බිඳ වැටුණ පාලමකින් ජල මාර්ගයකට ඇද වැටුණේය. එම අනතුරින් පැක්සන් දියේ ගිලී මිය ගියේය.

අනතුර සිදුවන්නේ  උතුරු කැරොලිනාවේ හිකරි හි දී ය.  කුඩා අතු මගක තිබුණු මේ බිඳී ගිය පාලම එසේ බිඳී ගොස් තිබුණේ වර්ෂ 2013 දී ය. එනම් අනතුර සිදුවන අවස්ථාව වනවිට අවුරුදු 09කට පෙරය.  ගූගල් සිතියම ඒ අනතුරුදායක තත්ත්වය යාවත්කාලීන කර තිබුණේ නැත. ගූගල් සිතියම කෙරෙහි පූර්ණ විශ්වාසය තබාගෙන පැමිණි පැක්සන් ජිවිතයෙන් වන්දි ගෙව්වේය.

පවුලේ සාමාජිකයන් චෝදනා කළේ ගූගල් සමාගමටය. මාරක පාරකින් තමන්ගේ සැමියා රැගෙන විත් මරණයක් සිදුකිරීමේ වගකීම එම සමාගම ගත යුතු බව පිලිප් පැක්සන්ගේ පවුලේ උදවිය කීහ.

අවසානයේ ඔවුහු පසුගිය  අඟහරුවාදා වේක් ප්‍රාන්තයේ සිවිල් අධිකරණයේ දී මෙම නඩුව ගොනු කර තිබුනහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බිරිය හා දරු දෙදෙනා සමග…

“ පැක්සන් දරුවො දෙන්නේකුගේ තාත්තා කෙනෙක්.  එයා එදා යාලුවෙකුගේ ගෙදර  පැවති තම දියණිය ගේ 09 වැනි උපන් දින සාදයට එක් වී සිටියා. බිරිය සහ දරුවන් දෙදෙනා කලින් නිවසට එවලා ඔහු මිතුරාගේ නිවස අස්පස් කරදීම වෙනුවෙන් රැඳි සිට යළි නිවසට එමින් හිටියේ.”

“ඔහු සිටියේ නුහුරු නුපුරුදු අසල්වැසි ප්‍රදේශයක. දේශීය මාර්ග සම්බන්ධව කිසිම අවබෝධයක් නැති පැක්සන්   ගූගල් සිතියම් මත විශ්වාසය  තැබුවා.  ඔහු විශ්වාස කළා ගූගල් හි    මග පෙන්විම  ඔහුගේ බිරිඳ සහ දියණියන් වෙත ඔහු ආරක්ෂිතව   ගෙන යනු ඇතැයි කියලා,” පවුලේ නීතිඥයින් නඩුව නිවේදනය කරමින්   කියා සිටියේය.

” එහෙත්  ඔහු අඳුරේ සහ වැස්සේ ප්‍රවේශමෙන් රිය පදවා තිබුනේ   ගූගල් හි යල් පැන ගිය මඟ පෙන්වීම්වලට.  සැකයකින් තොරව මීට දශකයකට ආසන්න කාලයක් තිස්සේ  බිඳ වැටී ඇති  පාලමකින් ඇල මාර්ගයකට වැටී ඔහු මිය ගියා.” නීතිඥවරු කීහ.

වර්ෂ 2013 දී පාලම කඩා වැටීමෙන් පසු  මෙම තත්ත්වය යාවත්කාලීන කර  මාර්ගගත සිතියම් වෙනස් කිරීමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් නැවත නැවතත් ගූගල් අමතා ඉල්ලීම් කර ඇති බව අවට ජනපද වාසීහු පවසා තිබිණි.

චාලට් ඔබ්සර්වර් පුවත්පත පවසා තිබුණේ  සාමාන්‍යයෙන් පාලම් පිවිසුම හරහා තබා ඇති බාධක විනාශ කිරීම් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවය.

වසර නවයක් තිස්සේ බිඳ වැටී ඇති පාලම…

පාලම නඩත්තු කිරීමට ඔවුන්ට යුතුකමක් ඇති බවට තර්ක කරමින් වින්දිතයෝ   දේශීය සමාගම් තුනකට ද නඩු පවරති

“අපේ  දුවලා දෙන්නා  අහනවා එයාලගේ තාත්තා මැරුණේ කොහොමද කියලා.  ඇයි තාත්තා මැරුණෙ  කියලා. මම එයාලට තේරුම් කරලා දෙන්නේ කොහොමද. මට  වචන නෑ.       GPS උපදෙස් සහ පාලම සම්බන්ධයෙන් වගකිවයුත්තන් එසේ ක්‍රියා කළේ කෙසේදැයි මට තවමත් තේරුම් ගත නොහැකියි. ඔවුන් මිනිස් ජීවිතය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ කොහොම ද?, ”ඔහුගේ බිරිඳ ඇලිසියා පැක්සන් නිවේදනයක් නිකුත් කරමින් විමසා සිටී.

“අපට Paxson පවුල ගැන වශාල  අනුකම්පාවක් තියනවා. අපගේ ඉලක්කය සිතියම් තුළ නිවැරදි මාර්ගගත තොරතුරු සැපයීමයි.   අපි මෙම නඩුව සමාලෝචනය කරමින් ඉන්නවා.” . Google හි ප්‍රකාශකයෙක් AP News වෙත ප්‍රකාශ කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වෙඩි තබා ඝාතනය කරයි…

Next Post

මැලේසියාවේ දී ශ්‍රී ලාංකික පුද්ගලයින් 03ක් ඝාතනය  කර ඇත්තේ  ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ! පොලිසිය ඝාතකයන් සොයා විමර්ශන අරඹයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.