ලලිත් චාමින්ද –
අද (23) රාත්‍රියේ ගාල්ල ඩික්සන් හන්දියේ දී විදුලිබල හා බල ශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයක්වන ලලිත් වසන්ත මෙන්ඩිස් (60) වෙඩි තබා ඝාතනය කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ලේ විශාලම නිමි ඇඳුම් අලෙවි සලේ හිමිකරුවන ඔහු සිය ව්‍යාපාරික ස්ථානයෙන් පිටත්ව මොටර් රථයෙන් නිවස බලා යමින් සිටියදි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.
ඝාතනය වූ ලලිත් වසන්තට මෙන්ඩිස්ට ටි පනස් 56 ගිනි අවියකින් වෙඩි වරුසාවක් තබා ඇති අතර වෙඩි උණ්ඩ 15කට අධික සංඛ්‍යාවක් ඔහුගේ සිරුරට ඇතුළු වී ඇති බව පොලිස්පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ඔහුව ලුහුබැඳ පැමිණි යතුරුපැදියකින් පැමිණි ඝාතකයෙක් මෙකි වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති බව සැලකෙන අතර ව්‍යාපාරිකයා රියදුරු අසුන මතදිම මියගොස් ඇති බවද පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්වු ව්‍යාපාරිකයාගේ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







