බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිලෝවකට රුපියල් 2ක් වැඩි කරන තුරු අස්වනු නෙලන්නෙ නෑ… සෙවනගල උක් ගොවීහු ගොවිබිම් අත්හරිති!

ගොවියා කරන්නෙ බොරු... ඒ මිල ගණන් වැඩි කරන්න බෑ - සීනි සමාගම කියයි

by editor
පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

උක් කිලෝ එකකට රැපියල් 02ක වැඩි වීමක් ඉල්ලා සෙවනගල උක් ගොවියෝ අස්වනු නෙළිම නවතලා.

එක උක් ගහෙන් අවුරුදු 05ක් අස්වනු නෙළනවා.ගොවීන්ගේ ඉල්ලීම අසාධාරණයි ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර.

උක් කිලෝවක් සඳහා රුපියල් දෙකක මිල වැඩිකිරීමක් ඉල්ලා සෙවනගල උක් ගොවීහු  මේ වන විට උස් අස්වනු නෙලීම් කටයුතු වලින් ඉවත්ව සිටිති.

ගොවීන් පවසන්නේ මෙම ගැටලුවට බළධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබුනහොත් තමන් උක් නෙලීමේ කටයුතු වලින් ඉවත් වුණා සේම උක් වගාවෙන්ද ඉවත්වෙන බවය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ සම්බන්ධයෙන් සෙවනගල උක් වගා කරුවන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබිණි.  එහිදි සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩී.ඩී.ජයතිලක   මෙලෙස පැවසීය.

“මේ සෙවනගල උක් වගාවන්වල උක් අස්වනු නෙළන කාලය… ඒත්   සියයට අනූ පහක්ම උක් ගොවීන් තම උස් අස්වනු නෙළීම මේ වන විට අතහැර දමා තිබෙනවා. ඒකට හේතුව තමයි උක් ගොවීන්ට මුහුණ පෑමට සිදුව ඇති දැඩි උද්ධමන තත්වය. මේ වන විට සිනී ටිකේ ඉඳන් හැම දෙයකම මිළ වැඩි වෙලා තිබුණත් උක් ගොවියට මේ වනතුරුත් කිසිදු මිළ වැඩිවිමක් සිදුවෙලා නැහැ. මේ නිසා අපි අවස්ථා ගණනාවකදීම සෙවනගල සීනි ආයතනයේ පාලනාධිකාරියෙන් ඉල්ලීම්  කළා උක් ගොවියට සාධාරණයක් ඉටු කරන්න කියලා.“

‘ඒ අනුව අවසන් වරට 2021.11.08 වෙනි දින අපි සීනි ආයතනයේ සභාපති වරයාට මේ පිළිබඳ වු ඉල්ලීම ලිඛිතවත් ලබාදුන්නා. නමුත් මේ වෙනකම් සිනී ආයතනයේ පාලනාධිකාරිය අපේ ඉල්ලීමට සාධාරණයක් ඉටු කරලා නෑ. අපි ඉල්ලුවේ උක් කිලෝ එකකට රුපියල් 02ක් වැඩි කරන්න කියලයි. අපි රුපියල් 02ක් වැඩි කරන්න කියලා ඉල්ලුවම සභාපතිවරයා අපිට වැඩි කරලා තිතියෙන්නේ උක් කිලෝවක් සඳහා ශත 50යි.“

  • දෛනික ආදායම රුපියල් 500යි..

“අපිට මේ වැඩි කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඒ නිසා අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ උක් කිලෝවක් සඳහා රුපියල් 02ක් වැඩි කරන්න කියලායි. ඒ වැඩිකිරිම සිදුවනතෙක් උක් ගොවීන් 95%ක්ම උක් අස්වනු නෙළීමේ කටයුතු වලින් ඉවත් වෙලා තියෙනවා. උක්ගොවින්ගේ බළ මණ්ඩලය කියන්නේ සෙවනගල විසිරි පැතිරී තියෙන සියලු ගොවි සංවිධාන වල එකතුවකින් සැදුණු මවු සංවිධානයක්.ඍජු ලෙසම ගොවි පවුල් 3500කට වැඩි පිරිසක් අපේ සංවිධානය නියෝජනය කරනවා. මේ සියළු දෙනා එක්ක අපි සිදුකළ සාකච්ඡාවලින් පසුව තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳෙව්වේ. “

“අද වන විට උක් ගොවියාගේ දෛනික ආදායම රුපියල් 550ත් 600ත් අතර තමයි දෝලනය වෙමින් තියෙන්නේ. වතු කම්කරුවෙකුටත් වඩා ඉතා අඩු මුදලක් තමයි අද උක් ගොවියට ලැබෙන්නේ.   මේ මුදල අපිට ජීවත් වීමට කිසිසේත් ප්‍රමාණවත් නෑ. “

“මේ ගැටලුව පිළිබඳව අපි පසුගිය 22 වන දින රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර   එක්කත් සාකච්ඡා කළා. එහිදි  ඔහු පොරොන්දු වුණා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා  කරලා මේ ගැටලුවට විසඳුමක් දෙනවා කියලා. හැබැයි මේ වෙනකම් රාජ්‍ය ඇමති තුමා හොයාගන්නත් නෑ.  අපිට විසඳුමක්  ලැබුණෙත් නෑ.“

“අපේ දුක මේ උක් ගොවියා පත්ව ඇති අසරණ තත්වය පිළිබඳ ව නිසි බළධාරින්ට කියන්න වෙන ක්‍රමයක් නෑ. ගොවියගේ දුක කියන්න හැමදාම අපිට ඉතිරි වුනේ මාධ්‍ය විතරයි.   අපි බළධාරීන්ට කියනවා උක් කිලෝවක් සදහා රුපියල් දෙකක වැඩි කිරීමක් ලැබෙනතුරු අපි උක් අස්වනු නෙළීම සිදු කරන්නේ නැ කියලා .“

යැයි පැවසීය.

සෙවනගල උක් ගොවි බළමණ්ඩලයේ ලේකම් අයි.එච්.පියදාස  පැවසුවේ උක් වගාව සඳහා යන වියදමවත් සීනි ආයතනයෙන් ලබා ගැනීමට  නොහැකි වී ඇති බවය.

අපි මේ සාධාරණ ඉල්ලීමක් බළධාරීන්ගෙන් ඉල්ලන්නේ .මොකද අපිට අක්කර 02යි දීලා තියෙන්නේ වගා කරන්න. අපේ දරු පවුල් අපිට නඩත්තු කරන්න වෙන්නේ මේ අක්කර දෙකෙන් ලැබෙන ආදායමෙන්. උක් වගා කරලා අපිට සාධාරණයක් ඉටුවෙන්නේ නැතිනම් අපි උක් වගාවෙන් ඉවත් වෙලා අකමැත්තෙන් හරි  වෙන  අතිරේක භෝග වගාවන්වලට යනවා. ඒක විතරයි ගොවියෝ වෙච්ච අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බළධාරීන්ගෙන් ඉල්ලනවා     සාධාරණ  ඉල්ලීමට කඩිනම් පිළිතුරක් දෙන්න කියලා.

  • ගොවියා කරන්නෙ බොරුවක් … මිල වැඩි කරන්නෙ නෑ – සීනි සමාගම

මේ සම්බන්ධයෙන් අප ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර ගෙන්ද විමසීමක් කළ අතර එහිදි ඔහු මෙසේ පැවසීය.

“ගොවීන් ඉල්ලන විදියේ වැඩි කිරිමක් නම් කරන්න දැනට හැකියාවක් නෑ. මේ වසරේදී අපි උක් ටොන් එකක් සදහා රුපියල් 500ක් වැඩි කරලා තියෙනවා. ඉදිරියේදී තවත් වැඩිකිරීම කෙරෙහි අවධානය යොමු කරමින් තියෙනවා. ඞ

“හැබැයි මා මේ ටිකත් කියන්න ඕනේ.  ඔය සමහර ගොවි සංවිධාන කියන විදියට උක් වගාවට මහ අමාරුකම් නෑ. මොකද එක සැරයක් උක් ගහක් හිටෙව්වට පස්සේ එකම ගහෙන් අවුරුදු 05ක් උක් අස්වනු නෙළනවා. කෙසෙල් වගාවක් කරන කෙනා කෙසෙල් කැණ කපා ගත්තම ඒ ගහ ඉවරයි. හැබැයි උක් වගාව එහෙම නෙමෙයි .සමහර ගොවීන් එකම උක් ගහෙන් අවුරුදු හත උක් අස්වැන්න නෙළනවා. එහෙම තියෙද්දි තමයි ඔය විවිධ ඉල්ලීම් කරන්නේ.“

“මොකද ඔය උක්වගා කරන ගොවින් කවුරුවත් එක දිගට උක්වගාව විතරක් කරගෙන ඉන්න අය නෙමයි. සියයට අසූවක්ම ගොවීන් වෙනත් විවිධ රැකියා කරන ගමන් තමයි අක්ර දෙක උක් වගාව කරන්නේ. ඒ නිසා අපි උක් ගොවීන්ට මතක් කරනවා කන්තලේ සීනි සමාගම පරණ යකඩ වලට විකුණන්න පත් කළ ඉරණම      සෙවනගලට කරන්න එපා කියලා.

අපි මේ සියල්ල නිසි පරිදි කළමනාකරණය කරලා වැසී යන්න තිබුණු ආයතන දෙකක් තමයි මේ ගොඩ නගාගෙන යන්නේ.   ගිය වර්ෂයේ විතරක් අපි සෙවනගල ගොවින්ට ගෙවලා තියෙනවා රුපියල් ලක්ෂ දහ අට දාහක්. මේ සෙවනගල ඉන්නේ ගොවින් 3500යි. මේ ගාන මේ ගොවින්ගෙන් බෙදලා බලන්න එක ගොවියෙකුට කියක් ලැබිලද කියලා.“

“මේ ගොවින් කවුරුවත් තුන්සිය හැටපස් දවසෙම උක් වගාවේ ඉන්න අය නෙමයි. සමහර වගා කරන අය මේ සිනි අයාතනයේම වැඩ කරන අය. ඒ නිසා මම ගොවින්ගෙන් ඉල්ලනවා මේ සිනි සමාගමේ නිශ්පාදන ක්‍රියාවලිය අඩපණ කරන්නේ නැතිව තම අස්වනු නෙළීමේ කටයුතු කරන්න කියලා“  යැයි පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියානු හමුදා සහ යුක්‍රේන හමුදා එකඟතාවයකට

Next Post

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අත්හිටවූ අරගලය මාර්තු 2වනදා සිට යලි ඇරඹේ

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.