රුසියානු හමුදා සහ යුක්රේන හමුදාවන් විශේෂ එකඟතාවයකට පැමිණි බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව චර්නෝබිල් බලාගාරයේ න්‍යෂ්ටික ප්රතිකාරක වල ආරක්ෂාව සහතික කරමින් කටයුතු කිරීමට නියමිත බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු හමුදාවන් විසින් චර්නෝබිල් බලාගාරයේ අත්පත් කරගත් අතරම එම කලාපයේ තවදුරටත් ගැටුම් ඇති වුවහොත් එයින් විකිරණ කාන්දුවක් සිදුවිය හැකි බවට විද්‍යාඥයන් පෙන්වා දී තිබිණි.