කියෙව්හි දැන් වෙලාව උදේ අට පසුවී ඇත. දැවැන්ත සන්නද්ධ ආක්‍රමණිකයෙක් හමුවේ මාතෘභූමියේ නිදහස පමණක් අපේක්ෂා කරන දිරිමත් මිනිස්සු සිව්වන දිනටත් සිය අගනුවර ආරක්ෂා කරගෙන සිටිති. රුසියානුවන්ට මේ යුද්ධය සිතූ තරම් පහසු එකක් නොවන බව යුක්රේනය කියා දෙමින් ඇත. රාත්‍රිය පුරාම සටන් පැවතිනි.
ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි පවසන්නේ රටේ හමුදා “සතුරු ප්‍රහාරවලට ඔරොත්තු දී සාර්ථකව මැඩපවත්වා ඇති” බවයි.
මාර්ග තැනීම සහ නඩත්තු කිරීම භාරව සිටින යුක්රේන සමාගමක්වන යුක්රව්ටොඩෝර් ආයතනය රුසියානු හමුදා ආක්‍රමණිකයන් රට වටා ගමන් කිරීම සඳහා භාවිතා කළ හැකි සියලුම මාර්ග සංඥා ඉවත් කිරීමට සූදානම්ය.
“සතුරාට දුර්වල සන්නිවේදනයක් ඇත, ඔවුන්ට භූමියේ සැරිසැරීමට නොහැකිය” යුක්රව්ටොඩෝර් සමාගම ෆේස්බුක් යාවත්කාලීන කිරිමකින් පසු මෙසේ දක්වා තිබිණි.
“අපි ඔවුන්ට කෙලින්ම නිරයට යාමට උදව් කරමු.”
මේ සියලු දේ අතර රුසියානු හමුදාවෙන් දැඩි මිසයිල ප්‍රහාර එල්ල වෙමිනි. කියෙව් අසල ඇති වසිල්කිව් නගරයේ තෙල් නිෂ්පාදනාගාරයට එම මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇත. එමෙන්ම ඔවුන් කාර්කිව් නගරයේ ස්වභාවික ගෑස් නල මාර්ගයක් පුපුරුවා හැර ඇති බව ද යුක්රේනයේ විශේෂ සන්නිවේදන සහ තොරතුරු ආරක්ෂණ රාජ්‍ය සේවය පවසයි.
රුසියානු හමුදා ආක්‍රමණය තීව්රවත්ම අගනුවර මධ්‍යයේ පදිංචිකරුවන් නවාතැන් සොයමිනි.
හතර වටින් වාර්තා වන්නේ සිවිල් වැසියන්ගේ මරණය. වෙඩි ප්‍රහාරවලට ලක්ව මිය යන දරුවන්, මහල් නිවාසවල රැඳී සිටියදී රොකට් ප්‍රහාරවලට ලක්ව මිය යන සිවිල් වැසියන් ගැන ඇසෙමින් ඇත. රුසියානු හමුදා අතිශය ව්‍යසනකාරී ලෙස සිවිල් පුද්ගලයන් සහ ස්ථාන ඉලක්ක කරගෙන එල්ල කරන ප්‍රහාර සම්බන්ධව ලෝකයම කනස්සල්ලෙනි.
එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය වාර්තා කරන්නේ, රුසියාවේ ආක්‍රමණයෙන් පසුව පිපිරෙමින් ඇති යුක්රේනයේ සටන්වලදී සොල්දාදුවන් 64ක් ඇතුළුව දරුවන්, කාන්තාවන් සහිත සිවිල් වැසියන් 240ක් මිය ගොස් ඇති බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ තුවාල සිදුවීම් මේ මොහොතේත් සිදුවන බැවින් සැබෑ සංඛ්‍යාලේඛණ මීට වඩා වැඩි විය හැකි ආකාරය ය.
මොස්කව් ප්‍රහාරයේ ආරම්භයේ සිට යුක්රේනියානුවන් 150,000 කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
පෝලන්ත රජය පැවසුවේ යුක්රේන සරණාගතයින් 115,000 කට වැඩි පිරිසක් මෙඩිකා හි ප්‍රධාන දේශසීමා හරස් මාර්ගයෙන් පමණක් එතෙර වී ඇති බවයි.
“ඒක අපායක්..“ යුක්රේන සරණාගතයින් කියා තිබුණේ එසේය.
( සීඑන්එන් සහ අල් ජසීරා)