මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන සමක ගිනියාවේ අත්ලාන්තික් සාගර වෙරළ තීරයේ හමුදා කඳවුරක් ගොඩනැගීමට චීනය සූදානම් වන බව වාර්තාවේ.
කෙසේවෙතත්, චීනයේ මෙම සැලසුම ඇමරිකාවේ දැඩි විරෝධයට හේතුවී ඇති අතර චීනයේ එම උත්සහය ප්‍රතික්ෂේප කරන ලෙස දැනුම් දීම සඳහා එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික සහ හමුදා නිලධාරීන් පිරිසක් සමක ගිනියාවට ගොස් ඇතැයි ද පැවසේ.
මලාබෝ හි එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසූයේ ජනාධිපති ටියොඩෝරෝ ඔබින්ග් නගුමා ම්බාසෝගෝ සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් මොලී ෆී පසුගියදා මේ පිළිබද සාකච්ඡා කළ බවයි.
චීනයේ යෝජිත කඳවුර ඉදිරියට ගෙන යාමට ඉඩ දීමට එරෙහිව සමක ගිනියාව දැනුවත් කිරීමට එක්සත් ජනපද නිලධාරීන් මෙම සංචාරය භාවිතා කිරීමට අදහස් කරන බව වෝල් ස්ට්‍රීට් ජර්නලය ද වාර්තා කර තිබිණ.
ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන උප-ජනාධිපති ටියෝඩෝරෝ න්ගුමා ඔබියැන්ග් මැංගු, එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ අප්‍රිකානු උපාය මාර්ග උපදේශක ජූඩ් ඩෙවර්මොන්ට් සහ එක්සත් ජනපද අප්‍රිකානු අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් කෙනත් එක්මන් ඇතුළු ඇමරිකානු නියෝජිත පිරිසක්ද මේ පිළිබද සාකච්ඡා කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.