ශ්‍රී ලංකාවේ සිරවී සිටින දහසකට අධික යුක්රේන් සංචාරකයන්ට මූල්‍ය සහනයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
එම සහන මුදල සංචාරක සංවර්ධන අධිකාරියේ අරමුදලකින් හෝ අමාත්‍යාංශ අරමුදල්වලින් ලබා දීමට මූලික අවධානය යොමු වී ඇතැයි පැවසේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින යුකේරේන සංචාරකයන් සම්බන්ධව නිශ්චිත සංඛ්‍යාලේඛණ සහිත වාර්තාවක් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගෙන් ජනාධිපතිවරයා ඉල්ලා ඇත.
එම වාර්තාව ඇමතිවරයා හෙට ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබේ.