යුක්රේනයේ සිටින සිසුන් ඇතුළු ඉන්දියානුවන් 18,000 ක් පමණ ආපසු ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් පවසයි.
අවශ්‍ය අයට නොමිලේ ගුවන් ප්‍රවාහන පහසුකම් සපයා දෙමින් විශේෂ ගුවන් යානා යොදවා මේ පිරිස යළි සිට රට රැගෙන ඒමට කටයුතු කරමින් ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.
යුක්රේන ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් සාමන්‍ය ගුවන් ගමන් කාලසටහන අවලංගු කර ඇති බවත් මේ එරට සිටින ඉන්දීය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා විකල්ප විධිවිධාන සලසන බවත් යුක්රේනයේ ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.
මේ අතර පවතින තත්වය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසා ඇත්තේ ඉන්දියාවට අවශ්‍ය සාමය පවත්වා ගැනීම බවත් යුද්ධයක් ප්‍රවර්ධනය කරන තත්වයක් කිසිසේත් ඇති නොවිය යුතු බවත්ය.