සූරියවැව නුවන් ජයසේකර –
උක් කිලෝ එකකට රැපියල් 02ක වැඩි වීමක් ඉල්ලා සෙවනගල උක් ගොවියෝ අස්වනු නෙළිම නවතලා.
එක උක් ගහෙන් අවුරුදු 05ක් අස්වනු නෙළනවා.ගොවීන්ගේ ඉල්ලීම අසාධාරණයි ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර.
උක් කිලෝවක් සඳහා රුපියල් දෙකක මිල වැඩිකිරීමක් ඉල්ලා සෙවනගල උක් ගොවීහු මේ වන විට උස් අස්වනු නෙලීම් කටයුතු වලින් ඉවත්ව සිටිති.
ගොවීන් පවසන්නේ මෙම ගැටලුවට බළධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබුනහොත් තමන් උක් නෙලීමේ කටයුතු වලින් ඉවත් වුණා සේම උක් වගාවෙන්ද ඉවත්වෙන බවය.
මේ සම්බන්ධයෙන් සෙවනගල උක් වගා කරුවන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබිණි. එහිදි සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩී.ඩී.ජයතිලක මෙලෙස පැවසීය.
“මේ සෙවනගල උක් වගාවන්වල උක් අස්වනු නෙළන කාලය… ඒත් සියයට අනූ පහක්ම උක් ගොවීන් තම උස් අස්වනු නෙළීම මේ වන විට අතහැර දමා තිබෙනවා. ඒකට හේතුව තමයි උක් ගොවීන්ට මුහුණ පෑමට සිදුව ඇති දැඩි උද්ධමන තත්වය. මේ වන විට සිනී ටිකේ ඉඳන් හැම දෙයකම මිළ වැඩි වෙලා තිබුණත් උක් ගොවියට මේ වනතුරුත් කිසිදු මිළ වැඩිවිමක් සිදුවෙලා නැහැ. මේ නිසා අපි අවස්ථා ගණනාවකදීම සෙවනගල සීනි ආයතනයේ පාලනාධිකාරියෙන් ඉල්ලීම් කළා උක් ගොවියට සාධාරණයක් ඉටු කරන්න කියලා.“
‘ඒ අනුව අවසන් වරට 2021.11.08 වෙනි දින අපි සීනි ආයතනයේ සභාපති වරයාට මේ පිළිබඳ වු ඉල්ලීම ලිඛිතවත් ලබාදුන්නා. නමුත් මේ වෙනකම් සිනී ආයතනයේ පාලනාධිකාරිය අපේ ඉල්ලීමට සාධාරණයක් ඉටු කරලා නෑ. අපි ඉල්ලුවේ උක් කිලෝ එකකට රුපියල් 02ක් වැඩි කරන්න කියලයි. අපි රුපියල් 02ක් වැඩි කරන්න කියලා ඉල්ලුවම සභාපතිවරයා අපිට වැඩි කරලා තිතියෙන්නේ උක් කිලෝවක් සඳහා ශත 50යි.“
-
දෛනික ආදායම රුපියල් 500යි..
“අපිට මේ වැඩි කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඒ නිසා අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ උක් කිලෝවක් සඳහා රුපියල් 02ක් වැඩි කරන්න කියලායි. ඒ වැඩිකිරිම සිදුවනතෙක් උක් ගොවීන් 95%ක්ම උක් අස්වනු නෙළීමේ කටයුතු වලින් ඉවත් වෙලා තියෙනවා. උක්ගොවින්ගේ බළ මණ්ඩලය කියන්නේ සෙවනගල විසිරි පැතිරී තියෙන සියලු ගොවි සංවිධාන වල එකතුවකින් සැදුණු මවු සංවිධානයක්.ඍජු ලෙසම ගොවි පවුල් 3500කට වැඩි පිරිසක් අපේ සංවිධානය නියෝජනය කරනවා. මේ සියළු දෙනා එක්ක අපි සිදුකළ සාකච්ඡාවලින් පසුව තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳෙව්වේ. “
“අද වන විට උක් ගොවියාගේ දෛනික ආදායම රුපියල් 550ත් 600ත් අතර තමයි දෝලනය වෙමින් තියෙන්නේ. වතු කම්කරුවෙකුටත් වඩා ඉතා අඩු මුදලක් තමයි අද උක් ගොවියට ලැබෙන්නේ. මේ මුදල අපිට ජීවත් වීමට කිසිසේත් ප්‍රමාණවත් නෑ. “
“මේ ගැටලුව පිළිබඳව අපි පසුගිය 22 වන දින රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එක්කත් සාකච්ඡා කළා. එහිදි ඔහු පොරොන්දු වුණා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මේ ගැටලුවට විසඳුමක් දෙනවා කියලා. හැබැයි මේ වෙනකම් රාජ්‍ය ඇමති තුමා හොයාගන්නත් නෑ. අපිට විසඳුමක් ලැබුණෙත් නෑ.“
“අපේ දුක මේ උක් ගොවියා පත්ව ඇති අසරණ තත්වය පිළිබඳ ව නිසි බළධාරින්ට කියන්න වෙන ක්‍රමයක් නෑ. ගොවියගේ දුක කියන්න හැමදාම අපිට ඉතිරි වුනේ මාධ්‍ය විතරයි. අපි බළධාරීන්ට කියනවා උක් කිලෝවක් සදහා රුපියල් දෙකක වැඩි කිරීමක් ලැබෙනතුරු අපි උක් අස්වනු නෙළීම සිදු කරන්නේ නැ කියලා .“
යැයි පැවසීය.
සෙවනගල උක් ගොවි බළමණ්ඩලයේ ලේකම් අයි.එච්.පියදාස පැවසුවේ උක් වගාව සඳහා යන වියදමවත් සීනි ආයතනයෙන් ලබා ගැනීමට නොහැකි වී ඇති බවය.
අපි මේ සාධාරණ ඉල්ලීමක් බළධාරීන්ගෙන් ඉල්ලන්නේ .මොකද අපිට අක්කර 02යි දීලා තියෙන්නේ වගා කරන්න. අපේ දරු පවුල් අපිට නඩත්තු කරන්න වෙන්නේ මේ අක්කර දෙකෙන් ලැබෙන ආදායමෙන්. උක් වගා කරලා අපිට සාධාරණයක් ඉටුවෙන්නේ නැතිනම් අපි උක් වගාවෙන් ඉවත් වෙලා අකමැත්තෙන් හරි වෙන අතිරේක භෝග වගාවන්වලට යනවා. ඒක විතරයි ගොවියෝ වෙච්ච අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බළධාරීන්ගෙන් ඉල්ලනවා සාධාරණ ඉල්ලීමට කඩිනම් පිළිතුරක් දෙන්න කියලා.
-
ගොවියා කරන්නෙ බොරුවක් … මිල වැඩි කරන්නෙ නෑ – සීනි සමාගම
මේ සම්බන්ධයෙන් අප ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර ගෙන්ද විමසීමක් කළ අතර එහිදි ඔහු මෙසේ පැවසීය.
“ගොවීන් ඉල්ලන විදියේ වැඩි කිරිමක් නම් කරන්න දැනට හැකියාවක් නෑ. මේ වසරේදී අපි උක් ටොන් එකක් සදහා රුපියල් 500ක් වැඩි කරලා තියෙනවා. ඉදිරියේදී තවත් වැඩිකිරීම කෙරෙහි අවධානය යොමු කරමින් තියෙනවා. ඞ
“හැබැයි මා මේ ටිකත් කියන්න ඕනේ. ඔය සමහර ගොවි සංවිධාන කියන විදියට උක් වගාවට මහ අමාරුකම් නෑ. මොකද එක සැරයක් උක් ගහක් හිටෙව්වට පස්සේ එකම ගහෙන් අවුරුදු 05ක් උක් අස්වනු නෙළනවා. කෙසෙල් වගාවක් කරන කෙනා කෙසෙල් කැණ කපා ගත්තම ඒ ගහ ඉවරයි. හැබැයි උක් වගාව එහෙම නෙමෙයි .සමහර ගොවීන් එකම උක් ගහෙන් අවුරුදු හත උක් අස්වැන්න නෙළනවා. එහෙම තියෙද්දි තමයි ඔය විවිධ ඉල්ලීම් කරන්නේ.“
“මොකද ඔය උක්වගා කරන ගොවින් කවුරුවත් එක දිගට උක්වගාව විතරක් කරගෙන ඉන්න අය නෙමයි. සියයට අසූවක්ම ගොවීන් වෙනත් විවිධ රැකියා කරන ගමන් තමයි අක්ර දෙක උක් වගාව කරන්නේ. ඒ නිසා අපි උක් ගොවීන්ට මතක් කරනවා කන්තලේ සීනි සමාගම පරණ යකඩ වලට විකුණන්න පත් කළ ඉරණම සෙවනගලට කරන්න එපා කියලා.
අපි මේ සියල්ල නිසි පරිදි කළමනාකරණය කරලා වැසී යන්න තිබුණු ආයතන දෙකක් තමයි මේ ගොඩ නගාගෙන යන්නේ. ගිය වර්ෂයේ විතරක් අපි සෙවනගල ගොවින්ට ගෙවලා තියෙනවා රුපියල් ලක්ෂ දහ අට දාහක්. මේ සෙවනගල ඉන්නේ ගොවින් 3500යි. මේ ගාන මේ ගොවින්ගෙන් බෙදලා බලන්න එක ගොවියෙකුට කියක් ලැබිලද කියලා.“
“මේ ගොවින් කවුරුවත් තුන්සිය හැටපස් දවසෙම උක් වගාවේ ඉන්න අය නෙමයි. සමහර වගා කරන අය මේ සිනි අයාතනයේම වැඩ කරන අය. ඒ නිසා මම ගොවින්ගෙන් ඉල්ලනවා මේ සිනි සමාගමේ නිශ්පාදන ක්‍රියාවලිය අඩපණ කරන්නේ නැතිව තම අස්වනු නෙළීමේ කටයුතු කරන්න කියලා“ යැයි පැවසීය.