ශ්‍රි ලංකාවට පමණක් නොව ඉන්දියාව තුළද එල්.ටී.ටීඊ සංවිධානය යළි වර්ධනය කිරීම පිණිස මෙන්ම දකුණු ඉන්දියාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා වසර ගණාවකට පෙර ශ්‍රි ලංකාවෙන් ඉන්දියාවට පැන ගිය කොළඹ ප්‍රධාන පෙලේ මත් ජාවාරම්කරුවකු සහ අපරාධකරුවකු වන කිඹුලා ඇලේ ගුණා හෙවත් සී ගුණසේකරන් සහ පුෂ්පරාජ් දෙදෙනා ඉන්දියාවේ සිටින ශ්‍රි ලාංකික අපරාධකරුවන් කණ්ඩායම ක්‍රියාකරන බවට ඉන්දීය විමර්ෂණ අංශ අනාවරණය කරගෙන තිබේ.
මෙම වසරේ මුල් භාගයේ සිට ඉන්දීය ජාතික විමර්ෂණ නියෝජිතායතනය විසින් එක්රැස් කරන ලද විවධ තොරතුරු මත මේ ව අනාවරණය වී ඇති අතර විශේෂයෙන් හාජි සලීම් නැවැති පාකිස්තාන ජාතික මත්දුව්‍ය ජාවාරම්කරුවා විසින් ක්‍රියාතමක කරන මත් ජාලය සම්බන්ධයෙන් ලද ජාත්‍යන්තර තොරතුරු පදනම්ව මෙම විමර්ෂණ සිදුව අති ව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. මෙහිදී මෙම පුද්ගලයන් දෙදෙනා සෘජුවම සලීම් සමඟ එක්ව ඉන්දියාවට සහ ශ්‍රි ලංකාවට අවි සහ මත් ජාවාරම් මෙහෙයවන බව අනාවරණය වී ඇත. ඒ සමඟ එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේද සම්බන්ධතාවක් හදුනාගෙන ඇති අතර ඉන්දියාවේ චෙන්නායි චෙරුප්පූර්, චෙන්ගල්පත්තු, තිරුචිරපල්ලෙයියන ප්‍රදේශවල ස්ථාන 22ක පසුගිය ජූලි මාසයේ දී කරන ලද වැටලීම්වලදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරුද අනාවරණය වී ඇති බව සඳහන් වේ.
මේ අනුව මේ වනවිට අධිකරණයේ නඩුවක්ද ගොනු ව ඇති අතර දැනට දෙමළ සරණාගතයන් වෙසෙන කඳවුරක රඳවා සිටින මෙම පුද්ගලයන් දෙදෙනා ඇතුළු ශ්‍රි ලංකාවේ ප්‍රබල පාතාල නායකයන් නව දෙනකු මෙලෙස වැඩිදුර විමර්ෂණ සඳහා ඉන්දීය විමර්ෂණ නියෝජිතායතනය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
කිඹුලා ඇලේ ගුණා නැමති අපරාධකරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මියට 1999 වසරේ කොළඹ නගර සභා පිටියේදි කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා ලද පුද්ගලයකු වන අතර කොළඹ මත්ද්‍රව්‍ය ජාලයේ සහ අපරාධ ගණනාවක නම් කියවුණු පුද්ගලයෙකි. ඔහු සමඟ ඔහුගේ පුත් තිලීපන්ද මේ වනවිට ඉන්දීය අත්අඩංගුවේ පසුවන අතර පූකුටි කන්නා නැමති ඔහුගේ හවුල්කරුවාද මෙරට මත් ජාලය සමඟ ගෑවුණු ප්‍රබල අපරාධකරුවෙකි. ඔවුන්ට අමතරව අදාළ විමර්ෂණ සදහා කොට ගාමිනී, ලඩියා, බුම්මා වැල්ලේ සුරංග යන ප්‍රබල පාතාල සාමාජිකයන්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ඔවුන් පසුගිය කාලය තුළ ඉන්දියාවේ තිරුචිරපල්ලි හි කඳවුරක් තුළ රඳවා තිබුණි.







