දිනසේන රතුගමගේ
පානීය ජලයට වස වර්ගයක් කලවම් කිරීමේ සිද්ධියකින් වවුනියාවේ පූම්බුකාර් ප්‍රදේශයේ ගවයින් 16 දෙනෙකු 20 දා වන විට මිය ගොස් තිබේ.
වස වර්ගය පානය කළ තවත් ගවයින් 17 දෙනෙකු පමණ රෝගී වී සිටින අතර ඔවුන්ගෙන් කීප දෙනෙකු මියයන තත්ත්වයේ සිටින බව වවුනියාව් පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සදහන් කොට තිබේ.
ගවයින් රංචු පිටින් වගා කළ කුඹුරු වලට පැන ගොයම් කෑම පිළිබදව උරණ වූ පුද්ගලයෙකු මේ අන්දමට ගවයින් පානය කරන ජලයට වස වර්ගයක් මුසු කොට ඇති බව ගව හිමියෝ වවුනියාව ඊච්චන්කුලම පොලිසියට පැමිණිලි කොට තිබේ.
ගව හිමියෝ සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගිය අවස්ථාවේදී ඔහු ප්‍රදේශයෙන් පල ගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ඊච්චන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.