පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය යළි විවෘත කරන්නේද නැද්ද යන තීරණය ශාසනය පළිබඳව භාරකරුවන් වන මහා නායක හිමිවරුන්, ආගමික නායකයින් සහ අදාළ පාර්ශ්වයන්ගේ උපදේශකත්වය මත පමණක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ජනමාධ්‍ය , ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙම විශ්ව විද්‍යාලය මෙරට සෙසු විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් කටයුතු කරන විශ්ව විද්‍යාල පනත යටතේ පිහිටවූ ආයතනයක් නොවන බවත් පැවූ අතර මේ වනවිට අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහාත මේ ස්බන්දයෙන් වාර්තාවක් සකස් කර ඇි බවත් ඒ වාර්තාව මත පදනම් ව ඊට අදාල තීරණ ඉහත නාහිමිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ එක්ව ගැනීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේ මාධ්‍යවේදියකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම විශ්ව විද්‍යාලයය පිහිටුවා ඇත්තේ පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාල නම් වෙනම පනතක් යටතේ බවයි. පසුගියදා ඇතිවූ විරෝධතා මත මේ වනවිට වසා දමා ඇති මෙම විශ්ව විද්‍යාලය බුද්ධ ධර්මය සහ බෞද්ධ දර්ශනය ලෝකය පුරා ප්‍රචාරය කිරීමට අදාළ දැනුම සහිත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම සහ පාලි විෂය පිළිබදව දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුනින් 1982 වසරේ පිහිටුවන ලද්දකි.
පසුගියදා පැවැති ශිෂ්‍ය විරෝධතා වෙනුවෙන් වනවිට දින නියමයක් නොමැතිව වසා තබා ඇති මෙම විශ්ව විදයාලය ඒඅනුව යළි විවෘත කිරීම පිළිබඳව නිසි තීරණයක් තවම ගෙන නොමැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.