කාලගුණ වාර්තාවට වායුගෝලීය ගුණාත්මක තත්ත්ව වාර්තාව ඇතුළත් කිරීමට අවධානය යොමු කර ඇතැයි පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.
ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු කියයි.
ශ්‍රී ලංකාවේ නගර කිහිපයක වායු ගුණාත්මක තත්ත්වයන් පරීක්ෂා කිරීමේ Air Quality Investigation වැඩ පිළිවෙළ පුළුල් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී ඇතැයි ද ලේකම්වරයා පවසයි.
කොළඹ, මහනුවර, කුරුණෑගල, ගම්පහ හා ගාල්ල වැනි නගරවල දිවා කාලයේ පවතින අධික වාහන තදබදය හේතුවෙන් වායුගෝලයේ ඇති කාබන් ප්‍රතිශතය ඉහළ යාමට හේතු වන බවත් එමනිසා දෛනිකව මෙම නගර ආශ්‍රිතව වායු ගෝලීය ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය නවීන උපකරණ මිල දී ගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දි ඇතැයිද ලේකම්වරයා සදහන් කරයි. .
. මේ අතර කොළඹ නගරයේ මාර්ග තදබදය පවතින ස්ථාන රැසක වායුගෝලීය තත්ත්ව මැනීමේ උපකරණ සවිකිරීමට ද තීරණය කර ඇත.







