බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාගම සිරිනන්ද හිමියන් ඉදිරියේ ජනාධිපති අනුර කුමාර දිසානායක දුන් සහතිකය…

by editor
මැයි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ නීතිය ඉදිරියේ සියලුම පුරවැසියන් සමාන බවට වූ මූලධර්මයට සහතික වශයෙන්ම පණ දෙන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (30) පැවසුවේය.

ධනය නීතිය කඩා දමන්නට ශක්තියක් නොවන බවත්, බලය නීතියට වඩා උඩින් ඉන්නට හැකි මෙවලමක් නොවන බවත් පැවසු ජනාධිපතිවරයා දැනටමත් අඩු වැඩි වශයෙන් ඒ යතාර්ථය පෙන්වමින් ඇති බව අවධාරණය කළේය.

“මත්ද්‍රව්‍ය ජාවාරම හුදකලා ව්‍යාපාරයක් නොවෙයි. එය සමස්ථ අපරාධ දාමයක එකතුවක්.. තව ටික කාලයක් දෙන්න… සමාජ දේහය වසාගෙන ඇති මත්කුඩු ජවාරම අනිවාර්යයෙන්ම නිමා කරන බවට සහතික වෙනවා..” ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට අද (30) පස්වරුවේ සහභාගි වෙමිනි.

පූජ්‍ය කාගම සිරිනන්ද හිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව ඊට ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ තමා කිසිවිටෙක ජනාධිපති ධූරය අපේක්ෂාවෙන් කටයුතු නොකළ බවය. ජනතාවගේ දුක සැබෑ ලෙසම අත්දුටු සහ අත්විදි නායකයෙකු ලෙස සියලු පොදු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට කැපවී කටයුතු කිරීම තමන්ගේ එකම අභිමතය බව ඔහු කීවේය.

“අපේ රටේ පැරණි දේශපාලන අධිකාරීන් අපේ රට විනාශයේ පතුලට ගෙන ගිය ආකාරය අපි හැම දෙනාම අපේ ජීවිත අත්දැකීම්වලින් අත් විඳලා තියනවා. ඒ නිසා අද අපට පැවරී තිබෙනවා මේ රාජ්‍ය වඩාත් සුවදායී රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ප්‍රධාන සුක්කානම හසුරුවන්න.”

“ඒ පිළිබඳව අපේ හාමුදුරුවන් වහන්සේලා ගේ අපේ ජනතාවගේත් විශාල බලාපොරොත්තුවක් තියනවා. අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. අපි උපරිම වෙහෙස දරණවා මේ රට මීට වඩා හොඳ රටක් කරන්න. අපේ අනාගත දුවා දරුවන්ට මීට වඩා හොඳ රාජ්‍යයක ජීවත් වීම සඳහා පසුබිම නිර්මාණය කරන්න.”

“ඒ අප මත පැවරී තිබෙන කාර්ය භාර්යයක්. මෙතන ඉන්න අපි බොහෝ දෙනා ගම්වල ඉපදුන අය. ගම්වල දුක වේදනාව හඳුනන අය. ඒ දුක් වේදනාවන් විඳපු අය. ඒ දුක් වේදනාවන් විසින්ම අපට මේ වෙනස් කිරීම සඳහා ධෛර්ය සපයපු අය. ඒ නිසා අපට ඈත ගම්වල ජීවත්වන ජනතාවගේ ජීවිත… මේ විදිහට ඉපදිලා, ඔය මොනවා හරි කරලා ඔහේ මියැදීමට ඉඩ දිය යුතු නෑ.”

“ඔබටත් ජීවිතයක් හිමි කර දිය යුතුයි. සතුට විනෝදය, හොඳ ආහාර වේලක්, නොතෙමෙන්න නිවාසයක්, හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්,  දරුවන්ට අධ්‍යාපනයක්, හොඳ ආදායම් මාර්ගයක්…”

“මේවා පුරවැසියන් ලෙස අපට අවශ්‍යයයි. හැබැයි අපට, මේ රටේ සාතිශය පිරිසක් ගම්වල ජීවත්වන ජනතාවට හරියමන් ආහාර වේලක් තියනව ද?… නිරෝගී සම්පන්න ජීවිතයක් තිබෙනවා ද?… දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා කොච්චර වෙහෙසක් දරනව ද?… නොතෙමී හිඳීම සඳහා නිවසක් ඉදිකරගැනීමට කොච්චර වෙහෙසක් දරන්න සිද්ධ වෙනව ද?…”

“ඒ නිසා දුකේ වේදනාවේ පතුලටම අපේ ජනතාව ගිලිලා තියනවා. කාගම සිරිධම්ම හාමුදුරුවන් ගම් නියම්ගම් කරා වැඩම කරමින් මේ ඛේදවාචකය සමාජයට තේරුම් කරනවා. වෙනස් කරගන්න ඕන මාවත පිළිබඳව සංඥාවන් දෙනවා. මාවත කියලා දෙනවා.”

නීතියයේ විධානය ආධිපත්‍ය තහවුරු කරන ලද රටක,  මතු පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමේ වගකීම සහතික වශයෙන්ම ඉටු කරන බවත්, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු අපරාධ මැඩලීම වෙනුවෙන් අවශ්‍ය සියලුම ක්‍රියා මාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා සහතික වුනේය.

සියලුදෙනා අපේක්ෂා කරන මෙම දියුණු රාජ්‍යය වෙනුවෙන් අවශ්‍ය සුවපත් සමාජයක් සහ සහකම්පනයෙන් යුත් පුරවැසියෙකු බිහි කිරීමේදී මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ පූජ්‍ය පක්ෂයට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවද සඳහන් කළ ජනාධිපතිවරයා එහිදී පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ ඉටුකරමින් සිටින සමාජයීය සහ ශාසනික මෙහෙවර විශේෂ ඇගයීමට ලක් කළේය.

අනුරාධපුර අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායන හිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පහත දැක්වෙන්නේ ජනාධිපතිවරයා කළ කතාවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ රාත්‍රී 8න් ඇරඹුන පැය 24 තුළ විදුලි බිඳවැටීම් 50000ක් ඉක්මවයි… ලංවිම සේවකයින් පැය 24ම වැඩ…

Next Post

DIG ලාගේ සහ ASPලාගේ බලතල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.