සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනු නිසා ග්‍රාමීය ජනතාව ලක්ෂ 28ක් විනාශයි…  ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  හෙළි වෙයි!

by editor
පෙබරවාරි 14, 2024
in පුවත්
"ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා වින්දිත කාන්තාවන්ගේ එකතුව" ශ්‍රී  හිඟුරක්ගොඩ පැවැත්වූ අවිහිංසාවාදී විරෝධතාවයක්... ඡායාරූපය - ඉෂාර ධනසේකර.

"ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා වින්දිත කාන්තාවන්ගේ එකතුව" ශ්‍රී හිඟුරක්ගොඩ පැවැත්වූ අවිහිංසාවාදී විරෝධතාවයක්... ඡායාරූපය - ඉෂාර ධනසේකර.

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • සමාගම් රැකගන්න ගොස් රජය අපහසුවට පත් නොකර පනත් කෙටුම්පත යලි සංශෝධනය කරන්නැයි මහ බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශව  පිළිබද ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නියෝගයක්! 

ක්ෂුද්‍ර මූල්‍ය  අර්බුදය හේතුවෙන් ග්‍රාමිය ජනතාව ලක්ෂ 28 ක් පමණ අගතියට පත්වී ඇති බවත් ඉන් ලක්ෂ 24 කාන්තාවන් බවත් හදුනාගෙන ඇති බව ශ්‍රි ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශව  පිළිබද ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  අනාවරණය විය.

 මෙම ණය ලබා දී ඇත්තේ කුඩා මුදලක් වුවද ග්‍රාමීය ජනතාවට ඒවා ගෙවාගැනීමට අපහසු ආකාරයෙන් 38% ක 48% ක පමණ පොලියක් අයකරගැනීමට කටයුතු කොට ඇති බවත් මේ නිසා ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අභාග්‍ය  සම්පන්න තත්ත්වයකට පත්ව ඇති බවත් මෙහිදි අනාවරණය විය.

ග්‍රාමිය කාන්තාවන් වැඩි  සංඛ්‍යාවක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමටත් ක්ෂුද්‍ර මූල්‍ය  ණය අර්බුදය හේතුවක් වී ඇති බව  ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන  මෙහිදි පෙන්වා දුන්හ.

ක්ෂුද්‍ර මූල්‍ය  ක්ෂේත්‍රෙයේ මේ අර්බුදය නිර්මාණය වී ඇත්තේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තිබෙන බැංකු නොවන ප්‍රධාන  මූල්‍ය සමාගම් හයක් වෙතින් ණය ලබාගත් විශාලතම කණ්ඩායම තුළ බව මෙහිදී අනාවරණය විය. 

මුලු ක්ෂුද්‍ර මූල්‍ය ණය වන මිලියන 84,000 කින් සියයට 80% ක් එනම් රුපියල් මිලියන 67,000ක් මෙම ආයතන වෙත  ලබා දී ඇති බවත් මේ වනවිට එම ණය ගත් අයගේ දේපළ අත්පත් කරගැනීම ආරම්භ කර ඇති බවත්  මෙකි අධික්ෂණ කාරක සභාවේ දි අනාවරණය විය.  

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එසේම යෝජිත පනන් කෙටුම්පතෙන් අගතියට පත් පාර්ශ්වවල ප්‍රශ්න ආමන්ත්‍රණය  කර නොමැති බවත් එමගින් ඔවුන්ට තවත් ගැටලුවලට මුහුණ දීමට සිදු වන බවත් මෙහිදී අගතියට පත් පාර්ශ්ව වල නියෝජිතයින් පෙන්වා දුන්හ. 

මෙහිදී ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ   පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත නැවත සම්පූර්ණ සමාලෝචනයකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ අනුව රජය අපහසුතාවයට පත් නොකර, මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය  එක්ව පනත මුළුමනින්ම සමාලෝචනය කරන ලෙසත් ප්‍රධාන මූල්‍ය  සමාගම් හය ආරක්ෂා කිරීමට නොව වින්දිතයන්ගේ සැබෑ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් වන ලෙස පනත සංශෝධනය කරන  ලෙස නියෝග කළ  සභාපතිවරයා සතියක් තුළ එහි වාර්තාව පාර්ලිමේන්තු වෙත ලබා දෙන ලෙසද දන්වන ලදි. 

එසේ නොමැති වුවහොත් මෙරට ලක්ෂ 30/40 පමණ වන ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගිකයින්ට  ගැටලුවලට මුහුණදීමට සිදුවන බව පෙන්වා දුන් සභාපතිවරයා  ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් මේ පිළිබඳ  පාර්ලිමේන්තුවට දැනුම් දිමට කටයුතු කරන බවද පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔබේ අනාගතය වෙනුවෙන් රටේ ආර්ථිකය හදන්න අකමැත්තෙන් හෝ ගිහින් රට රටවලින් හිඟා කෑවා… යළිත් එහෙම කාලයක් එන්නෙ නෑ… ජනපති රටේ සිසු දරුවන්ට කියයි!

Next Post

ඇෆ්ගන් ශ්‍රී ලංකා 20යි  විස්ස තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නිවේදනයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.