සූරියවැව නුවන් ජයසේකර –
කතරගම රජමාවත ප්‍රදේශයේ නීති විරෝධී මත් පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගිය පොලිස් නිළධාරීන්ගේ යතුරු පැදියකට ගිනි තබා පළාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ ආබාධිත විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු ගිනි අවියක් හා ජීව උණ්ඩ සමග කතරගම පොලිසිය විසින් අද ( 25 ) අළුයම 12.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 03 වන පෙළ,ගම්උදාව පාර,කතරගම ලිපිනයේ පදිංචි 38 හැවිරිදි ආබාධිත විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකි.
යුක්තියේ මෙහෙයුමට අදාලව කතරගම පොලිසියේ නිළධාරීන්ට නීති විරෝධී මත් පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කතරගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් 24 වන දින දහවල් කතරගම රජ මාවත ,04 කණුව වැව ප්‍රදේශයට ගොස් තිබේ.
වැටලිමට ගිය පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදියක් 04 කණුව වැව ආසන්නයේ නවතා සැකකරු සැගවී සිටින බවට තොරතුර ලද ස්තානය පරීක්ෂා කර යළි පැමිණ බලන විට පොලිස් නිළධාරීන්ගේ යතුරු පැදියට කිසියම් අයෙකු ගිනි තබා විනාශ කර තිබේ.
ඒ අනුව සිද්ධිය පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදුකළ අතර එහිදී අනාවරණය වි තිබුණේ යතුරු පැදියට ගිනි තැබිම සිදුකර ඇත්තේ කතරගම රජ මාවත ප්‍රදේශයේම පදිංචි විශ්‍රාමික ආබාධිත යුධ හමුදා සෙබලෙකු බවය.
ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනිමට අළුයම ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පළා යාමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී මෙරට නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා විදෙස් රටක නිශ්පාදිත බෝර 12 වර්ගයේ ජිව උණ්ඩයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 2007 වසරේදී යුධ හමුදාවට බැඳී ආබාධිත තත්වයට පත් වීමෙන් පසු 2016.04.13 වන දින ආබාධිත විශ්‍රාම ගන්වා ඇත. විශ්‍රාම ගැනීමෙන් පසු සැකකරු පෙදරේරුවෙකු ලෙස සේවය කර ඇති අතර පොලිස් යතුරු පැදියට ගිනි තැබිම සිදුකළේ කුමණ අරමුණකින්ද යන්න පිළිබඳව මෙතෙක් අණාවරණය කරගෙන නොමැත.
සිද්ධියට සම්බන්ධ සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තංගල්ල කොටඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ගේ උපදෙස් පරිදි කතරගම පොලිසිය වැඩිදුර විමර්ශනපවත්වයි.







