ගුවන්තොටුපල සේවකයින් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයක් නිසා අද (25) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් ගමන් 4ක් පමණ ප්‍රමාද වී ඇති බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.
ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය සිය රාජකාරි කිහිපයක් ඉටු කිරීමෙන් වැළකී සිටිමින් මෙම විරෝධතාවය දියත් කර තිබිණි.
අද අළුයම 4.30ට ආරම්භ කළ විරෝධතාවය පැය දෙක හමාරක් පැවතී ඇති අතර බලධාරීන් සාකච්ඡාවකට කැඳවීමත් සමග විරෝධතාවය අත්හිටුවා සේවක පිරිස් යළි සේවයට වාර්තා කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුවන් තොටුපල සේවකයින් විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව පැවසේ.







